ත්‍රස්ත චෝදනා යටතේ ටියුනීසියාවේ විපක්ෂ නායකයා ඇතුළු පුද්ගලයන් 40කට වසර 66ක් දක්වා සිරදඬුවම්

0
ත්‍රස්ත චෝදනා යටතේ ටියුනීසියාවේ විපක්ෂ නායකයා ඇතුළු පුද්ගලයන් 40කට වසර 66ක් දක්වා සිරදඬුවම්

ත්‍රස්ත චෝදනා යටතේ ටියුනීසියාවේ විපක්ෂ නායකයා ඇතුළු පුද්ගලයන් 40කට වසර 66ක් දක්වා සිරදඬුවම්

රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ ත්‍රස්තවාදී චෝදනා සම්බන්ධව වරදකරුවන් වූ ටියුනීසියාවේ විපක්ෂයේ නායකයා ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ නීතිඥවරුන් රැසකට එරට අධිකරණයකින් දිගුකාලීන සිරදඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම චෝදනා යටතේ පුද්ගලයන් 40 දෙනකු පසුගිය 2023 වසරේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ බවත්, ඔවුන්ට වසර 66ක් දක්වා සිරදඬුවම් නියම වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඒ අතර සිටින ටියුනීසියාවේ විපක්ෂ නායකයන් වන ඉසාම් චෙබීට සහ ජව්හර් බෙන්ට වසර 18 බැගින් සිරදඬුවම් නියම කර ඇතැයි වාර්තා වේ.

විපක්ෂයේ දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් එරට ජනපති කයිස් සයිඩ් ජනතා අප්‍රසාදයට ලක්වී ඇති අතර, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයන් සිරගත කරමින් ඔහු පසුගිය වසරේදී නැවත ජනපති ධුරය අත්කරගත් බවටද චෝදනා එල්ල වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com