​අකුරණදී සිමෙන්ති ලොරියක් වාහන කිහිපයක ගැටී බරපතල අනතුරක්: 4ක් මරුට, කිහිපයකට තුවාල!

0

මහනුවර-මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ, කුරුගොඩ ප්‍රදේශයේදී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ බරපතල රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.
​සිමෙන්ති පටවාගත් ලොරි රථයක් තවත් වාහන කිහිපයක ගැටීමෙන් 7 වන කිලෝමීටර කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ.
​අනතුරෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
​අනතුරත් සමඟ මහනුවර-මාතලේ ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර, එම ප්‍රදේශයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇත.
​අනතුර සිදුවූ ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *