අමෙරිකාවෙන් යේමනයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් 80කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට

0
අමෙරිකාවෙන් යේමනයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් 80කට වැඩි පිරිසක් මරුට

අමෙරිකාවෙන් යේමනයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් 80කට වැඩි පිරිසක් මරුට

හවුති කැරලිකරුවන් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදාවෙන් යේමනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යේමනයේ හොඩෙයිඩා නුවර කේන්ද්‍ර කරගත් හවුති ඉලක්ක වෙත එම ගුවන් ප්‍රහාර එල්ල වී ඇතැයිද, පුද්ගලයන් 80කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අමෙරිකානු හමුදාවෙන් අඛණ්ඩව දෙදිනක් පුරා හොඩෙයිඩා නුවර ගුවන්තොටුපොළ සහ වරාය ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් සිවිල් වැසියන් මිය ගිය බවට යේමනයේ හවුති කැරලිකරුවන්ට සහාය පළ කරන අල් මසිරා රූපවාහිනි නාළිකාව නිවේදනය කර ඇති අතර, එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

අමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් සිය මෙහෙයුම් අඩාළ කිරීමට නොහැකි බවත්, තවදුරටත් රතු මුහුද සහ ඊශ්‍රායලය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බවත් හවුති කැරලිකරුවන් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com