කාන්තා – පිරිමි මිශ්ර ක්රිකට් තරගාවලියක්
කාන්තා – පිරිමි මිශ්ර ක්රිකට් තරගාවලියක් ලබන වසරේ ජර්මනියේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
හිටපු ඉන්දීය ක්රීඩක සහීර් ඛාන් සම හිමිකාරිත්වය දරන සමාගමක් සහ ජර්මානු ක්රිකට් පාලක මණ්ඩලය එක්වයි මෙම තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ.
විස්සයි-විස්ස ආකෘතිය යටතේ මෙම තරගාවලිය සැලසුම් කර ඇති අතර, එක් කණ්ඩායමකට ක්රීඩිකාවන් 6 දෙනෙකු සහ ක්රීඩකයින් 5 දෙනෙකු ඇතුළත් කිරීමට නියමිතයි. තරගාවලිය ආරම්භයේදී ඒ සඳහා කණ්ඩායම් 5 ක් එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
