ඇප ලැබීමෙන් පසු ශිරන්ති නවලෝකෙට
ඇප මත මුදාහැරීමෙන් පසු, හිටපු ප්රථම කාන්තාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ සිට නවාලෝක රෝහල වෙත මාරු කර යවා ඇත.
ඇයගේ සෞඛ්ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෛද්ය උපදෙස් මත මෙම මාරු කිරීම සිදු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.
අත්අඩංගුවට ගැනීමෙන් සහ අනතුරුව අධිකරණය විසින් ඇප මත මුදාහැරීමෙන් පසු අසනීප තත්ත්වයට පත්වීම හේතුවෙන් රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබුණි.
