කරූ ජයසූරියගේ මූලිකත්වයෙන් හදිසියේ ම සාකච්ඡාවක්

සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ කරූ ජයසූරියගේ මූලිකත්වයෙන් හදිසියේ ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡාවක් ගෙනවිත් තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර මෙන් ම රාජපක්ෂ පවුල එක් කිරීමේ උපක්‍රමයක් ලෙස බවට දේශපාලන අනාවැකි පළ වී තිබේ.

ජාතික ජන බලවේගය ජනතාව සංවිධානය කරමින් ව්‍යවස්ථානුකූලව එළඹෙන ජනාධිපතිවරණය සඳහා අනික් සියලු දේශපාලන පක්ෂ අභිබවා ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමේ ප්‍රවනතාවයට බාධා කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව ප්‍රචාරක උපක්‍රමය යොදා ගෙන තිබෙන බව තහවුරු වී ඇත. 1978 දී විධායක ජනාධිපති ධුරය හඳුන්වා දීමත් සමඟ මෙරට ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර සහ සංවිධාන එයට එරෙහි වූ අතර අවසන් වශයෙන් 2018 වසර අවසානයේදී ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

එම අවස්ථාවේදී විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පවා එම කෙටුම්පතට එකඟත්වය පළ කර තිබුණු අතර දැඩි ම විරෝධය එල්ල කරනු ලැබුවේ සජිත් ප්‍රේමදාස ය. එසේ තිබියදී මේ අවස්ථාවේ අනියමාර්ථයෙන් ජනතාව ව්‍යාකූල කිරීම සඳහා ක්‍රියා කරමින් සිටින සජිත් පිළ විවිධ ප්‍රචාරක උපක්‍රම දියත් කර තිබේ.

ජනාධිපතිවරණය දිනා ගැනීමේ සටනක යෙදෙන බව මතුපිටින් පෙන්වන සජිත් ප්‍රේමදාස කරූ ජයසූරිය සමඟ මේ වනවිට අවබෝධයෙන් කටයුතු කරන බව අනාවරණය වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *