කතානායකට එරෙහිව සුමන්තිරන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පොලිස් නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර

පොලිස් නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත නීතියක් ලෙස පනවා ඇති බවට සහතික කිරීමේ කථානායකවරයාගේ ක්‍රියාව අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ.සුමන්තිරන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ නීතිපතිවරයා වේ.

මෙම පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ රටේ උත්තරීතර නීතිය වන නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිපැදීම සහතික කිරීමේ පරමාර්ථය ඇතිව සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව, පෙත්සම්කරු මෙම ඉල්ලුම්පත්‍රය ඔහුගේම අයිතිය සහ පොදු යහපත සඳහා ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව මෙම අයදුම්පත සමග ඉදිරියට යෑමට අවසර දෙන ලෙසත් “2024 අංක 9 දරන මාර්ගගත ආරක්ෂණ පනත” ලෙස ප්‍රකාශිත යැයි කියන ලියවිල්ලේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කිරීම සහ/හෝ එවැනි වෙනත් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14 වැනි වගන්ති මගින් පෙත්සම්කරුට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට සහතික කර ඇති මූලික අයිතිවාසිකම්, “2024 ඔන්ලයින් ආරක්ෂණ පනතේ” අංක 9හි 1 වැනි වගඋත්තරකරු විසින් ප්‍රකාශිත සහතික කිරීම මගින් උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14 වැනි වගන්ති මගින් පෙත්සම්කරුට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට සහතික කර ඇති මූලික අයිතිවාසිකම්, 1 වැනි වගඋත්තරකරුට සහ/හෝ පාර්ලිමේන්තුවට උපදෙස් දීමට අපොහොසත් වීමෙන් 2 වැනි වගඋත්තරකරු විසින් උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා සිටියි.

කාරක සභා අවස්ථා සංශෝධන ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් පැහැදිලිකිරීම්වලට අනුකූල නොවන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තවමත් එම පනත් කෙටුම්පත වලංගු වීම නිසා එය නීතියක් බවට පත් කිරීම සඳහා 2/3 විශේෂ බහුතර ඡන්දයක් අවශ්‍ය යැයි ප්‍රකාශ කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *