ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා මැදිහත්වීම් 2367ක්

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2020- 2021 අතර කාල පරිච්ඡේදයේ දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් අධ්‍යාපන ලේකම්වරයාට මැදිහත්වීම් 2367ක් කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම සඳහා වැඩිම මැදිහත්වීම් කර ඇත්තේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවද එම වාර්තාවේ දැක්වේ. බැලූ බැල්මට ඒවා නියෝග ලෙස සැලකිය හැකි ලිපි බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අනුව අමාත්‍යවරුන් මැදිහත්වීම් 861 ක්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මැදිහත්වීම් 654ක්ද කර ඇත.

මෙයට අමතරව දරුවන් පාසල් වලට ඇතුළු කිරීම සඳහා අමාත්‍යාංශ දේකම්වරුන් හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මැදිහත්වීම් 190 ක්ද අගමැති කාර්යාලයෙන් මැදිහත්වීම් 160ක්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මැදිහත්වීම් 53ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයෙන් මැදිහත්වීම් 43ක්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයෙන් මැදිහත්වීම් 45ක් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් මැදිහත්වීම 40ක්ද දේශපාලන පක්ෂ වලට සෘජුව සම්බන්ධ වෘත්තිය සමිති වලින් මැදිහත්වීම් 36ක්ද විවිධ වෘත්තිකයන්ගෙන් සමන්විත සංගම් වලින් මැදිහත්වීම් 25ක්ද පාර්ලිමේන්තුවෙන් මැදිහත්වීම් විසි හතරක්ද ජනාධිපති කාර්යාලයෙන් මැදිහත්වීම් 20ක්ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයෙන් මැදිහත්වීම් දහයක්ද පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් මැදිහත්වීම් පහළොවක්ද ආණ්ඩුකාරවරුන් මැදිහත්වීම් දෙකක්ද කර ඇත.

මැති ඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් බොහෝ දෙනකු සිය ලිපිවල අයදුම්කරුවන් සමග පවතින දේශපාලනමය සම්බන්ධතා දක්වා තිබූ අතර අයදුම්කරුවන් විශාල සංඛ්‍යාවකගේ නම් එම අයදුම්කරුවන්ට ලබාදිය යුතු පාසලද නිශ්චිතව නම් කරමින් ලැයිස්තු ඉදිරිපත් කර තිබූ බවද සඳහන්වේ.

ඇතැම් ඉල්ලීම් සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ ජංගම දුරකතනයට යොමු කර තිබූ බව පැවසේ. මෙම ඉල්ලීම් නිර්දේශ නියෝග මත අධ්‍යාපන ලේකම්වරයා 2020 ජනවාරි 1 සිට 2022 මැයි දක්වා ලිපි 3559ක් නිකුත් කර තිබූ බව වාර්තාවේ දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *