පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සම්බන්ධ ලේඛන කිහිපයක් ජනපති සහ නීතිපති සතුව තිබෙනවා” – සබ්‍රි

පාස්කු ප්‍රහාරයට අදාළ සාක්ෂි සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ලේඛන කිහිපයක් ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා සතුව ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එම ලේඛන ප්‍රසිද්ධ කළ යුතු ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා තීරණය කරනු ඇති බව ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය සාක්ෂි සඟවන්නේ ද? යන්න පිළිබඳව කොළඹදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

එම ප්‍රහාරයට අදාළ සාක්ෂි සඟවන බවට කරන චෝදනා පදනම් විරහිත බවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රධාන නඩුව තවමත් විභාග කිරීමට ආරම්භ කර නොමැති බවත්, ඉන් සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳව දැන ගැනීමට බොහෝ විට හැකිවනු ඇතැයි ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.

“ප්‍රධාන චූදිතයෝ 26 දෙනෙකුට විරුද්ධව ප්‍රධාන නඩුවක් දාල තියෙනවා. විමසීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයක් නිර්මාණය කරලා තියෙනවා. ඒකෙ නඩු අහන එක ළඟදී ම සිද්ධ වේවි.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *