මධ්‍යම අධිවේගී මාර්ගයේ රු කෝටි 16,440ක මූල්‍ය අක‍්‍රමිකතාව සාක්‍ෂි සහිතවයි ප‍්‍රකාශ කළේ – වසන්ත සමරසිංහ

මධ්‍යම අධිවේගී මාර්ගයේ රු කෝටි 16,440ක මූල්‍ය අක‍්‍රමිකතාව සාක්‍ෂි සහිතවයි ප‍්‍රකාශ කළේ - වසන්ත සමරසිංහ

මධ්‍යම අධිවේගී මාර්ගයේ රු කෝටි 16,440ක මූල්‍ය අක‍්‍රමිකතාව සාක්‍ෂි සහිතවයි ප‍්‍රකාශ කළේ - වසන්ත සමරසිංහ

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට රඹුක්කන දක්වා කිලෝමීටර් 20 ඉදිකිරීමේදී රුපියල් කෝටි 16,440ක මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදුවන බවට තමා ප‍්‍රකාශ කළේ අවශ්‍ය ලිපි ලේඛන සාක්‍ෂි සහිතව යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා (22) පැවසීය.

මෙම කිලෝමීටර් 20 ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කරුවන් 9 දෙනකු අයදුම්පත් රැගෙන ගියත් ඉන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වූයේ චීන සමාගම සහ මෙරට සමාගම් කිහිපයක එකතුවකින් සකසා ගත් සමාගමක් බවද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.

වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ජොන්ස්ටන් ඇමැතිවරයා බෙදාගත් කෑම ටික කටේ දාගන්න ලැබුණේ නැතිවට අපිට දොස් කියලා වැඩක් නැහැ. මේ අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් සොරාකන්න ගියේ මහජන මුදල්. ඒක නැවැත්වීම දූෂණ විරෝධී හඬ ලෙස අපේ වගකීමක්. 2011 සිට දූෂණ විරෝධී හඬ හිටපු ආණ්ඩුවල සහ වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් 15 කට එරෙහිව පැමිණිලි කර තියෙනවා.

කොවිඞ් අර්බුදය ඔස්සේ මහ භාණ්ඩාගාරය සුද්දකරන්න ගිහින් ඒක වරදින කොට අපි ව්‍යාපාරිකයන්ගෙන්, සමාගම්වලින් මුදල් ලබාගෙන මේ චෝදනා එල්ල කරනවා කියනවා. අපිට මේ මාර්ගය ඇමරිකාව, චීනය, ඉන්දියාව හෝ වෙනත් රටකින් ඉදිකළාට කමක් නැහැ.

ටෙන්ඩර්වලට සමාගම් දෙකක් ඉදිරිපත් වෙලා එක සමාගමක් ඉවත් වුණා නම් අනෙක් සමාගමට දෙන්න පෙර එහි මූල්‍යමය වටිනාකම බලන්න ඕනෑ. චීන සමාගම රුපියල් බිලියන 210කට ටෙන්ඩරයට ඉදිරිපත් වනවිට මෙරට සමාගම රුපියල් බිලියන 374.4 කට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. මෙහි මූල්‍ය පරතරය රුපියල් බිලියන 164.4යි.

මේ හෙළිදරව්වත් සමග මාර්ග ඉදිකිරීමේ නිරතව සිටින ඉංජිනේරුවන් මේ කිලෝමීටර් 20 රුපියල් බිලියන 120 කට කරන්න පුළුවන් කියනවා.

අපි කියන්නේ ටෙන්ඩර් දෙකෙන් එකක් ප‍්‍රතික්ෂේප වුණානම් නැවත ටෙන්ඩර් කැඳවන්න තිබුණා. එනිසා නැවත ටෙන්ඩර් කැඳවලා බලන්න. එතකොට සත්‍ය වටිනාකම තියෙන ටෙන්ඩරය හඳුනාගන්න පුළුවන්. චීනය ඉදිරිපත් වුණත් ඔවුන් මෙරට උප කොන්ත‍්‍රාත්කරුවන් හරහා තමයි ඉදිකිරීම් සිදුකරන්නේ. එහෙම කරන්නෙත් ඔවුන් සියයට 30 ක හෝ 40 ක ලාභයක් තියාගෙනයි. මේ සත්‍ය හෙළි කළාම තරහ යනවා. අපි ගාව තව තොරතුරු තියෙනවා. ඉදිරියේදී ඒවත් හෙළි කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *