ගුරු පත්වීම් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනවල වෙනසක්
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව 2026 නොවැම්බර් 20 වන දා පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දමා තිබේ.
ඒ අනුව, අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන නව දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
සංශෝධිත සම්මුඛ පරීක්ෂණ දිනයන් මෙසේ ය
බස්නාහිර පළාත – 2026.11.29
උතුරු පළාත – 2026.11.28
වයඹ පළාත – 2026.11.29
මධ්‍යම පළාත – 2026.12.01
ඌව පළාත – 2026.11.26
දකුණු පළාත – 2026.11.28
