ඩුබායි, සිංගප්පූරු වල වී වගා කළේ නෑ කියලා එහෙ මිනිස්සු බඩගින්නෙ ද ඉන්නේ? එයාලා පිටරටකින් ගේනවා – මහින්දානන්ද

ඉදිරියේදී ආහාර හිගයක් ඇතිවන බවට ඇතැමුන් ප්‍රකාශ කළද එවැනි කිසිදු අවදානමක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ පොස්පේට් සමාගමට වසර 50 ක් පිරීම නිමිත්තෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති උත්සවයක් අමතමිනි.

ඔහු තවදුරටත් ප්‍රකාශකර සිටියේ,

ඩුබායි, සිංගප්පූරුව වැනි රටවල වී වගා නොකරන නමුත්, ඒ රටවල කිසිදු පුද්ගලයෙක් කෑම නොමැතිව කුසගින්නේ නොසිටින බවයි ඇමතිවරයා පවසන්නේ. එම රටවල් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය විදෙස් රටවලින් ආනයනය කරන බවත්, මෙරට තුළ යම් ආහාර හිගයක් ඇති වුවහොත් විදෙස් රටවලින් ආහාර ද්‍රව්‍ය ආනයනය කළහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ලොව සෑම රටක්ම සිදු කරන්නේ තම රට තුළ නිෂ්පාදනය නොකරන ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම බවත් කිසිදු රටකට තනිව ආහාරවලින් ස්වයංපෝෂිත විය නොහැකි බවත් අළුත්ගමගේ මහතා පවසනවා.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *