සහන පැකේජය ලබා දීමට මුදල් අච්චු ගැසීමක් සිදුකළහොත් දැවැන්ත උද්ධමනයක් – ඩිව් ගුණසේකර

සහන පැකේජය ලබා දීමට මුදල් අච්චු ගැසීමක් සිදුකළහොත් දැවැන්ත උද්ධමනයක් - ඩිව් ගුණසේකර

සහන පැකේජය ලබා දීමට මුදල් අච්චු ගැසීමක් සිදුකළහොත් දැවැන්ත උද්ධමනයක් - ඩිව් ගුණසේකර

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රුපියල් බිලියන 229ක අති විශාල සහන පැකේජය ලබා දීමට මුදල් අච්චු ගැසීමක් සිදුකළහොත් වැළැක්විය නොහැකි දැවැන්ත උද්ධමනයක් අනාගතයේ දී ඇති වනු ඇතැයි ශ‍්‍රී ලංකා කොමිනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර මහතා සඳහන් කරයි.

මෙම සහන පැකේජය ආර්ථික ක්‍රියාමාර්ගයකට වඩා දේශපාලන තීරණයක් බව පෙනෙන්නට තිබෙන බවද ඔහු පැවසීය.
මෙම සහන පැකේජ මෙරට නිෂ්පාදනයට බද්ධ කිරීම වෙනුවෙන් කටයුතු කළා නම් එවැනි ආකාරයේ උද්ධමනයක් ඇති නොවුන බවද ඔහු පැවසීය.

මෙතරම් ප්‍රබල ඩොලර් අර්බුදයක් රට තුළ ඇති වූ පළමු අවස්ථාව මෙය ලෙස හැඳින්විය හැකි බවද කී ඔහු මුදල් අච්චු ගසනවා නම් එය සිදු කළ යුත්තේ රටේ උද්ධමනය ඇතිවුන ආකාරයෙන් බවද තවදුරටත් කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *