සිරුරු ආදාහනය සම්බන්ධයෙන් ආගමික නිදහසට වැදගත්කමක් දෙන්න බැහැ, දුමින්ද සිල්වාට පොදු සමාවක් දිය යුතුයි – එස්. බී

විග්නේෂ්වරන් අමු සිංහලයෙක්, සුළුතර පක්ෂවල සහයෝගය අපිට ඕනේ නැහැ - එස්. බී

විග්නේෂ්වරන් අමු සිංහලයෙක්, සුළුතර පක්ෂවල සහයෝගය අපිට ඕනේ නැහැ - එස්. බී

මරණ දඩුවම නියම වී ඇති දුමින්ද සිල්වා නිදහස් කරන ලෙස නොයෙකුත් පාර්ශව ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ජනාධිපති තුමා සලකා බැලිය යුතුයි.

සිරදඬුවම් ලැබූවන් හට පොදු සමාව දීමේ බලය ජනාධිපතිතුමාට ඇති බැවින් දුමින්ද සිල්වාට පොදු සමාවක් දීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීමට රජය මුල සිටම අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිනවා. ගෝලීය වසංගතයක් ලෙස පැතිරෙන මෙම වසංගතයෙන් බේරී සිටීම පහසු දෙයක් නොවන බවත් ප්‍රබල රටවල් පවා මෙම වසංගතයට ලක්වී ඇති බවත් පවසා සිටියේය.

කොවිඩ් නිසා මිය යන අය භූමිදානය කරනවා ද ආදාහනය කරනවා ද කියා දැන් රජයට තීරණය කරන්න උවමනා නැහැ. කොවිඩ් නිසා සිදුවන මරණ ආදාහනය කළ යුතුයි යන්න විශේෂ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කරමින් පවතිනවා. මෙය රටේ සියලුම පුරවැසියන් පිළීගත යුතුයි.

කොවිඩ් නිසා මිය යන මුස්ලිම් අයගේ සිරුරු ආදාහනය කිරීම නිසා ඔවුන්ගේ ආගමික අයිතිය උල්ලංඝනය වන බව කියනවා. කොවිඩ් නිසා මිය යන්නේ මුස්ලිම් අය විතරක් නොවේ. අනෙකුත් ආගමික අයත් මිය යනවා. ඒ අය රජයට විරෝධය පෑවෙ නෑ. කොවිඩ් වසංගතය මධ්‍යයේ ආගමික නිදහසට වැදගත්කමක් දෙන්න බැහැ. සෞඛ්‍ය අංශයේ තීරණයන්ට තමයි මුල්තැන දෙන්න ඕන.

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට මරණ දඩුවම නියම වුනා. දුමින්ද සිල්වා මුලින් වෙඩි වැදී බිම ඇදගෙන වැටුනු බව පවසනවා. මෙවැනි තත්වයක් උඩ දුමින්ද සිල්වා හට පොදු සමාවක් දිය යුතු බව නොයෙකුත් පාර්ශවයන් ඉල්ලා සිටින මොහොතක ජනාධිපතිතුමාද ඒ ගැන සලකා බැලිය යුතු බව පවසා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *