මහාචාර්ය තිස්ස විතාරණත් රජය රජය ගැන කලකිරිලා

ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්; අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇත - මහාචාර්ය තිස්ස විතාරණ

ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්; අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇත - මහාචාර්ය තිස්ස විතාරණ

ආණ්ඩුව මේ වනවිට අනුගමනය කරමින් පවතින ආර්ථික සහ සමාජීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තිස්ස විතාරණ මන්ත්‍රීවරයා කලකිරීමට පත්ව සිටින බව මාධ්‍යයට හෙළිකර තිබේ.

කොරෝනා මර්දනය සඳහා රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ එම වෛරස ආසාදිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදීම යන මූලික කරුණු ඇතුළු තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම කලකිරීම ප‍්‍රකාශ කර ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අනාවරණය කර තිබෙන්නේ කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා තමන් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කමිටු රැස්වීමේදී බාර නොගැනීම බරපතළ කනගාටුදායක තත්වයක් බවය.

එසේම මෙම වසංගතය මැඩපැවැත්වීම සඳහා සර්වපාක්ෂික නායක කමිටුවක් පිහිටුවීමට කර තිබූ යෝජනාවද ඉවත හෙළා ඇති බව තිස්ස විතාරණ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *