වීර වචන කියලා රට ජාත්‍යන්තර විමර්ශනවලට පටලන්න එපා! – රංජිත් මද්දුම බණ්ඩාර

ජනතාවගේ විරෝධය මර්ධනය සහ විකෘති මතවාදවලින් විසඳන්න බෑ - රංජිත් මද්දුම බණ්ඩාර

ජනතාවගේ විරෝධය මර්ධනය සහ විකෘති මතවාදවලින් විසඳන්න බෑ - රංජිත් මද්දුම බණ්ඩාර

වීර වචන පවසමින් ජාත්‍යන්තර විමර්ශන උගුලකට ශ්‍රී ලංකාව පටලන්න එපා යැයි රජයෙන් තමා ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසා සිටියේය.

“ශ්‍රී ලංකා හමුදාව සිවිල් ජනතාව ඝාතනය කළේ නෑ. යුධ අපරාධ කරේ නැහැ. මේක අපි එක්සත් ජාතීන්ගේ සංගමයේදී මේ සැරේ සාක්ෂි ඇතුව පෙන්වා දෙනවා. අපි කිසිම දෙයකට බය වෙන්නේ නෑ“ යනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර යන අය අදහස් ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර තවදුරටත් අදහස් දක්වමින්,

එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජිකයෙක් වශයෙන් ශ්‍රී ලංකාව, එහි ගන්නා තීරණ උදාසීන නොවන විධියට ක්‍රියා කළ යුතුයි. තීරණ සඳහා වන සම අනුග්‍රහයෙන් ගෝඨාභය රාජපක්ෂ රජය ඉවත්වීම වැරදි ක්‍රියාවකි. කල් ඉල්ලා සිටීම මගින් හෝ තීරණවල නිර්දේශයන් ඉටුකරන්න තිබුණා. ඒ වෙනුවට තීරණ හෑල්ලු කිරීම නිසා නොයෙකුත් බලපෑම්වලට රට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට නව යෝජනාවකට මුහුණ දීමට සිදුවේවි. මෙම යෝජනා ඉතා දැඩි ඒවා බව දෙමළ පාර්ශව අදහස් පල කරති.

මෙම තත්වය තුළ රජය යුද අපරාධ පිළිබඳ ප්‍රශ්නය මතු කරන්න පටන්ගෙන තියෙනවා. යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හමුදාව ආරක්ෂා කිරීමට රජය උපායශීලීව පියවර ගත යුතුය. රජය එක්සත් ජාතීන් සමග විවෘතව ගැටුම් ඇති කර ගත් විට එය ව්‍යවසනකාරී විය හැකියි. එයින් අපේ රට අනෙක් රටවලින් හුදෙකලා වනු ඇත. ඒ නිසා වීරෝධාර වාක්‍ය කියමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පරීක්ෂණ උගුලට හසු නොකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු යැයි ප්‍රකාශ කර සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *