සමගි ජන බලවේගය සමග එක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනාවක්

SJB සමග එක්වන්නැයි SLFPට ආරාධනාවක්

SJB සමග එක්වන්නැයි SLFPට ආරාධනාවක්

සමගි ජන බලවේගය සමග එක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එම පක්ෂය විසින් ආරාධනා කර තිබේ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කරන්නේ තමන් විසින් මෙම ආරාධනාව සිදුකළ බවයි.

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට පොදුජන පෙරමුණ විසින් හූ තැබූ බවත් ඡන්දයෙන් පසු ඊට වඩා අපහාස කරමින් ඇති බවත් ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන්ට කිසිදු ඇමතිකමක් නොදී කෙනෙහෙලිකම් කරමින් ඇති බවත් පවසන ඔහු දැන් ඔවුන් තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන හොඳ දේශපාලන පක්ෂයක් සමග එකතු විය යුතු බවද කියා සිටී.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ මාවනැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *