Type to search

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක් – හඳුන්නෙත්ති

Share

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත් වන බවත් හිටපු ‘කෝප්’ කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති කියයි.

එකී ජනතා බදු මුදලින් ක්‍රියාත්මක වන සමාගම්වල වාර්ෂික ආදායම රුපියල් කෝටි 32,471ක් වන අතර ඒවා විගණන කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත් වීම නිසා මූල්‍ය පාලන බලය ගඟේ මුහුදේ දැමීමක් වන බවද හිටපු ‘කෝප්’ කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

27දා ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවැසූ හඳුන්නෙත්ති මහතා තවදුරටත් සඳහන් කළේ රටේ මහජනතාවගේ මුදල් කොල්ලකෑමට සුජාතභාවයක් හැදීමට අවශ්‍ය සමස්ත පසුබිම නිර්මාණය කිරීමට ගෙන එන 20 වැනි සංශෝධනයට මහජනතාව විරුද්ධ විය යුතු බවය.

මීට පෙර විගණන කොමිසමක් තිබියදී රටේ මහ පරිමාණ වංචා දූෂණ සිදුවූයේ නම් 20න් රූකඩයක් බවට පත්ව සිටින විගණකාධිපතිවරයකු යටතේ රට තුළ කෙසේ වංචා දූෂණ සිදුවේදැයි ඔහු ප්‍රශ්න කළේය.

අනුරාධා හේරත් – මව්බිම

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *