ආයූධ ගත්තවුන් දකුණේ අනුස්මරණය කලහැකිනම් ඇයි උතුරේ බැරි? – මනෝ ගනේෂන් ප්‍රශ්න කරයි

මනෝ ගනේෂන්

මනෝ ගනේෂන්

70/80 කාලවලදී ශ්‍රී ලංකා රජයටත්, හමුදාවටත් එරෙහිව ආයුුධ අතට ගත් JVP දේශප්‍රේමී සටන්කරුවන් අද දකුණේ ප්‍රසිද්ධියේ සිහිපත් කරන අතර එම වරප්‍රසාදය උතුරේ ද්‍රවිඩ ජනතාවට නැති බවත් මෙම රජය සෑම විටම පවසනු ලබන “එකම රටක් එකම නීතියක්“ යන ප්‍රතිපත්තිය විහිළුවක් ව පෙනෙන බවත්, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් තම Twitter සටහනේ සඳහන් කර ඇත.

තවදුරටත් සටහන් කර ඇති මන්ත්‍රීතුමා,

රජයට විරුද්ධව ආයුධ අතට ගත් අයට රජය හඳුන්වන්නේ “ත්‍රස්තවාදීන්“ ලෙසයි. 70/80 කාලවලදී ශ්‍රී ලංකා රජයටත්, හමුදාවටත් එරෙහිව ආයුුධ අතට ගත් JVP දේශප්‍රේමී සටන්කරුවන් “සිංහල ත්‍රස්තවාදීන්“ ඔවුන් සෑම වර්ෂයකම දකුණේ ප්‍රසිද්ධියේ සිහිපත් කරනවා.

එහෙත් එම වරප්‍රසාදය දෙමළ ජනතාවට නැහැ. දෙමළ ත්‍රස්තවාදීන් කියා ආයුධ අතට ගත් අය පමණක් නොව සාමාන්‍ය ම්ය ගිය දෙමළ ජනයා පවා සිහිපත් කිරීමට දෙමළ ජනතාවට අනුමැතියක් නැහැ.

මෙය මෙම රටේ දීර්ඝ කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින දෙබිඩි පිළිවෙතක්. මිය ගිය තම ඥාතීන් සිහිපත් කිරීමට දෙමළ ජනතාවට ඉඩ නොදී එම අයිතියම සිංහල ජනතාවට ලබා දීම රජයේ දෙබිඩි පිළිවෙතක් වන අතරම එය විහිළුවක් ය. මෙම දෙබිඩි පිළිවෙත අවසන් කළ යුතුයි. මේ පිළිබඳව භාෂා තුනකින්ම ඕනෑම කෙනෙකු සමග වුවද තමන් විවාද කරන්න සූදානම් බව මනෝ ගනේෂන් පවසා සිටියේය.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *