Monkey minister: ඩිලාන් පේරේරා රිලා ඇමතිකම හරි ඉල්ලයි…

Monkey minister - ඩිලාන් පේරේරා - රිලා ඇමති

Monkey minister - ඩිලාන් පේරේරා - රිලා ඇමති

තමන්ට රිලා ඇමතිකම හෝ ලබාදෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පේරේරා මහතා පසුගියදා කියා සිටියි.

මෙවර ඇමති ධුර බේදීමේදී මැටි ඇමති, බතික් ඇමති, අලිවැට ඇමති ආදී වශයෙන් අමාත්‍යංශ බෙදීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී ඩිලාන් පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටින්නේ එලෙස අමාත්‍යංශ වෙන් කිරීම සාර්ථක ක්‍රියාවක් බවයි. එම අදාල අංශ දියුණු කිරීමට අමාත්‍යවරයෙකු සිටිය යුතු බව ඩිලාන් පෙරේරා මහතා කියා සිටියි.

එමෙන්ම තම ප්‍රදේශයේ වගාවන් වැඩි වශයෙන් භුක්ති විදින්නේ රිලවුන් බවත් එම රිලවුන් සම්බන්ධයෙන් තීරණ ගැනීමටද ඇමතිවරයෙක් අවශ්‍ය බවත් ඒ සඳහා රිලා ඇමතිකම නමින් ඇමතිකමක් තමා භාරගැනීමට කැමති බවත් ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියි.

දේශපාලන විචාරකයන් පවසන්නේ පැවිත බොහෝ ආණ්ඩුවල මෙන්ම ආසන්නතම පැවති රනිල්+මෛත්‍රී ආණ්ඩුවේ පවා ඇමති ධුර, රාජ්‍ය ඇමති ධුර ලබා සිටි මන්ත්‍රීවරුන්ට දැන් ඇමති ධුරයක් නොමැතිව සිටීම අපහස් කාර්යයක් වී ඇති බවයි. එම නිසා නිලධාරීන් යොදවා ක්‍රියාත්හක කළ හැකි ආයතනවලට පවා ඇමතිවරු පත්කිරීමේ ප්‍රවනතාවයක් මතුවෙමින් තිබෙන බවත් ඔවූහු පෙන්වා දෙති.

මේ වනවිට ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවට ඉදිරිපත්කිරීම සඳහා යෝජනා කර ඇති 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් ඇමතිවරු පත්කිරීමේ සීමාව 2/3 බලයෙන් ඉවත් කරගත්විට මෙම තත්වය තවදුරටත් උත්සන්නවනු ඇතැයිද ඔවූහු වැඩිදුරටත් පෙන්වා දෙති.
-lankatruth-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *