ක්‍රිකට් පුහුණු ශාස්ත්‍රපති උපාධිය හදාරන පළමු ආසියාතිකයා තරිඳු පෙරේරා

ක්‍රිකට් පුහුණු ශාස්ත්‍රපති උපාධිය හදාරන පළමු ආසියාතිකයා තරිඳු පෙරේරා

තරිඳු පෙරේරා

ක්‍රිකට් පුහුණු ශාස්ත්‍රපති උපාධිය හදාරන පළමු ආසියාතිකයා තරිඳු පෙරේරා
තරිඳු පෙරේරා

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිව් වැනි මට්ටමේ (Level 4) සුදුසුකම් ඇති පුහුණුකරුවන් සිටින්නේ අතළොස්සක් පමණි. එය හඳුන්වනු ලබන්නේ ක්‍රිකට් පුහුණුකාර ශාස්ත්‍රපති උපාධිය (Masters Degree) ලෙසිනි. ලොව ටෙස්ට් රටවල ක්‍රිකට් පුහුණුකරුවන් මෙන්ම මෙරට ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන් ලෙස පසුගිය කාලයේ කටයුතු කළ විදෙස් ජාතිකයන්ට ද ඇත්තේ තෙවැනි මට්ටමේ පුහුණුකාර සහතිකයක් පමණි. මෙවැනි විරල සුදුසුකම සපුරාලමින් සිව් වැනි මට්ටමේ පුහුණුකාර පාඨමාලාව හැදෑරිමේ භාග්‍යය උදා කර ගැනීමට පසුගියදා ශ්‍රී ලාංකිකයෙක් සමත් විය. එම අවස්ථාව ලැබූ පළමු ආසියාතිකයා ද ඔහුය.

ඔහු තරිඳු පෙරේරාය. එංගලන්තයේ පමණක් පවත්වනු ලබන මේ විශේෂිත සිව් වැනි මට්ටමේ පුහුණුකාර පාඨමාලාව හැදෑරීම සඳහා පසුගියදා ඔහු තෝරා ගැනුණේ ඒ සඳහා පවත්වනු ලැබූ සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළින්ම සමත්වීමෙනි.

37 හැවිරිදි වියෙහි පසු වන මේ විශිෂ්ට පුහුණුකරු මෙරට කෙසේ වුවත් එංගලන්තයේ නම් ජනප්‍රිය පුහුණුකරුවෙකි. හෙතෙම එංගලන්තයේ ප්‍රභූ පන්තියේ සුදු ජාතිකයන් වාසය කරන යෝක්ෂයර් ප්‍රාන්තයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගිය වසරේදී කටයුතු කළේය. එවැනි අවස්ථාවක් ශ්‍රී ලාංකිකයකු ලැබුවේ ද පළමු වරටය. වර්තමානයේ දී ඔහු වොරික්ෂයර් ප්‍රාන්ත පිලේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා වන පෝල් ෆාබ්‍රේස් යටතේ අධිතාක්ෂණ (High performance) පුහුණුකරු ලෙස සේවය කරයි. පෝල් ෆාබ්‍රේස් කලක් මෙරට ජාතික කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ද වේ.

කොළඹ අශෝක විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි තරිඳු අවුරුදු 17න් පහළ ජාතික සංචිතයට ඇතුළත් වූ අතර, කෝල්ට්ස් සහ එස්.එස්.සී. කණ්ඩායම්වලට ද ක්‍රීඩා කළේය. වසර 2005දී ක්‍රීඩා විද්‍යාව පිළිබඳ උපාධියක් හැදෑරීම සඳහා එංගලන්තයට ගිය තරිඳු එය අතරමඟ නතර කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවෙමින් පුහුණුකරුවකු ලෙස සිය අනාගතය සැලසුම් කර ගැනීමේ බලාපොරොත්තුවෙනි.

යෝක්ෂයර් ප්‍රාන්තයේ ලීඩ්ස් නුවර බෙකට් විශ්වවිද්‍යාලයේ දී වසර තුනක ක්‍රීඩා පුහුණුකාර උපාධිය (bachelor’s degree) සම්පූර්ණ කිරීමෙන් පසු 2016දී පළමුවරට එම ප්‍රාන්තයේ අවුරුදු 10න් පහළ පුහුණුකරු ලෙස ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

මීට අමතරව එංගලන්තයේ සිට මෙරට අඩුපහසුකම් ඇති ග්‍රාමීය මට්ටමේ පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදා දීමේ සුබසාධන සංවිධානයක් ද පවත්වාගෙන යමින් නිහඬ සේවයකයෙදී සිටින තරිඳු පාසල් ක්‍රීඩකයන්ට එංගලන්තයේ ඉහළ මට්ටමේ පුහුණුකරුවන්ගෙන් පුහුණුව ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරමින් සිටී.

“මගේ පවුලේ මම විතරයි. මගේ තාත්තා (වෝල්ටර් පෙරේරා) මෙලොවින් සමුගත්තේ මට අවුරුදු 21දියි. අම්මා (රේණුකා වීරසිංහ) විතරයි දැන් ඉන්නේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් හැකි උපරිම සේවයක් ලබා දීමත්, අඩුපහසුකම් සහිත පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට දායකත්වය ලබාදීමත් මගේ ලොකු අරමුණක්.” ඔහු කීවේය.

ක්‍රිකට් පුහුණු ශාස්ත්‍රපති උපාධිය හදාරන පළමු ආසියාතිකයා තරිඳු පෙරේරා
-dinamina-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *