සීෂෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු පිල FIFA ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!
සීෂෙල්ස් රාජ්‍යය සමග ඊයේ (27) පැවති පාපන්දු තරගය ජයගත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම FIFA ලෝක ශ්‍රේණිගත කිරිම්වල එක් පියවරක් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව, තරගයට පෙර 187 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 186 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබුණා.
සීෂෙල්ස් රාජ්‍යය සමග අනිද්දා ශ්‍රි ලංකාව තවත් තරගයකට එක්වීමට නියමිතයි.
