ජපාන ආසියානු පැරා ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට රන් පදක්කම් 2ක්: ජනනිගෙන් නව තරගාවලි වාර්තාවක්!
ජපානයේ අයිචි-නගෝයා හි පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව නියෝජනය කළ ජනනි ධනංජනා වික්රමසිංහ සහ ප්රදීප් සෝමසිරි අද (23) තම තමන්ගේ තරග ඉසව්වලින් විශිෂ්ට දක්ෂතා දක්වමින් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූහ.
ජනනි ධනංජනා වික්රමසිංහ කාන්තා දුර පැනීමේ (T47) ඉසව්වෙන් මීටර් 5.52ක දුරක් පනිමින් නව තරගාවලි වාර්තාවක් ද සහිතව රන් පදක්කම දිනාගත්තාය.
ඇය තැබූ මෙම වාර්තාගත දක්ෂතාවයත් සමඟින් තරගාවලියේ ශ්රී ලංකා පදක්කම් ලැයිස්තුවට තවත් රන් පදක්කමක් එක් විය.
මේ අතර, පිරිමි මීටර් 1,500 (T46) ඉසව්වෙන් තරග කළ ප්රදීප් සෝමසිරි, අනෙකුත් ආසියානු ක්රීඩකයින්ගෙන් එල්ල වූ දැඩි තරගකාරිත්වය හමුවේ දක්ෂ ප්රදර්ශනයක නිරත වෙමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
තරගයේ ආරම්භයේ සිටම විශිෂ්ට තරගකාරිත්වයක් පවත්වා ගත් සෝමසිරි ප්රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.
මෙම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාව දිනාගත් අතර ලෝකඩ පදක්කම හිමිවූයේ පිලිපීනයටයි.
මෙම ජයග්රහණ දෙකත් සමඟින් 2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේ ශ්රී ලංකාවේ පදක්කම් සටහන තවදුරටත් ශක්තිමත් විය.
