ලිට්රෝ ගෑස් සැපයුම සාමාන්‍ය පරිදි: ගෑස් සිලින්ඩර් 350,000ක් බෙදා හැරීමට සූදානම්!

0

දිවයින පුරා දේශීය ගෑස් සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ඉදිරි දින තුන ඇතුළත ගෑස් සිලින්ඩර් 350,000ක් වෙළෙඳපොළට බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කර ඇත.
​’දිනමිණ’ රාජ්‍ය පුවත්පතට අනුව, ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් ‘CORINTHIAN’ නමැති නෞකාව ඊයේ (22) ශ්‍රී ලංකාවට ළඟා වූ අතර, ඊයේ පස්වරුවේ සිටම එහි ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබේ.
​මෙම ගෑස් තොගය ලැබීමත් සමඟ දිවයින පුරා බාධාවකින් තොරව ගෑස් සිලින්ඩර් බෙදා හැරීමට සමාගමට හැකියාව ලැබෙන අතර, පාරිභෝගිකයන්ට වෙනදා මෙන් ගෑස් මිලදී ගැනීමට හැකි වන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම සඳහන් කළේය.
​එසේම, දිවයින පුරා ගෑස් සැපයුම සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යන බවට සමාගම මහජනතාවට සහතික වෙයි.
​ඒ අනුව, ගෑස් බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුවන බැවින් අනවශ්‍ය ලෙස ගෑස් සිලින්ඩර් රැස්කර තබා ගැනීමෙන් වළකින ලෙස ලිට්රෝ සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *