​ශ්‍රී ලංකා රේගුව 2026 වසරේ බිලියන 207ක ආදායම් ඉලක්කය නියමිත කාලයටත් පෙර පසුකර යයි!

0

2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත ලබාදී තිබූ රුපියල් බිලියන 207ක දැවැන්ත ආදායම් ඉලක්කය, නියමිත කාලයටත් පෙර සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමත්වී තිබේ.
​ඔක්තෝබර් මස 13 වනදා වන විටත් රුපියල් බිලියන 208ක ආදායමක් රැස්කර ගැනීමට රේගු නිලධාරීන් සමත්ව ඇති අතර, ඔක්තෝබර් 21 වන දින වන විට ලබාගෙන ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 228 දක්වා ඉහළ ගොස් ඇත. 2026 වසරේ සෑම මාසයකදීම ලබාදුන් ආදායම් ඉලක්ක අභිබවා යාමට රේගුව සමත්වීම විශේෂත්වයකි.
​රටේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් කැපවී කටයුතු කරමින් මෙම වාර්තාගත ප්‍රගතිය ළඟා කර ගැනීමට දායක වූ රේගු නිලධාරීන් ඇගයීමේ විශේෂ උත්සවයක්ද පවත්වා ඇත.
​නූතන තාක්ෂණය භාවිත කරමින් රේගු කටයුතු සරල කිරීම, බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ගත් ක්‍රියාමාර්ග මෙම සාර්ථකත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *