මෛත‍්‍රී – රනිල් කඹ ඇදිල්ලෙන් 19 විකෘති වුණා – සුනිල් හඳුන්නෙත්ති

ණය අර්බුදයෙන් මිදීම සඳහා රාජ්‍ය වත්කම් විකිණීමට තල්ලු වී ඇති රජය

ණය අර්බුදයෙන් මිදීම සඳහා රාජ්‍ය වත්කම් විකිණීමට තල්ලු වී ඇති රජය

හිටපු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් කරන ලද කඹ ඇදිල්ල හේතුවෙන් 19 වැනි සංශෝධනය විකෘතියක් වූ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා දිනමිණ පුවත්පතට පවසා ඇත.

19 හරහා ඇතිකෙරුණු කොමිසන් සභා සහ ඒ ඒ කොමිසන් සභා නියෝජිතයන් ගත් සමහර තීන්දු තීරණවල තිබූ යම් යම් දෝෂ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ සතුව පැහැදිලි විවේචනයක් පැවති බවත් ඉහළ පුටුවල තිබූ කඹ ඇදිල්ලෙන් අවසාන දිනයේ යෝජනා කරපු දේ සම්මත නොවූ බවත් පැවසීය.

නිදසුනක් ලෙස පක්ෂය මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුරය අහෝසි කරන්න යැයි තම පක්ෂය කරන ලද යෝජනාව දෙපිරිසකගේම එකඟතාවයෙන් ඉවත් කළ බවත් සමහර පත්කිරීම් හා සංයුතිය පිළිබඳව විවේචන තිබුණු බවත් ඒ මහතා කීවේය. එහෙත් ඉතිහාසයට සාපේක්ෂව 19වැනි ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ලක්ෂණ තිබූ බවත් පැවසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *