ගෝඨාභය රාජපක්ෂ දක්‍ෂ දේශපාලඥයෙක් නොවෙයි – මැඩිල්ලේ හිමි

ජනාධිපති ගෝටාබය රාජපක්ෂ රට පාලනය කළ යුත්තේ ජනවරමට අනුව මිස අනුරාධපුරේ ඥානා අක්කාට අවශ්‍ය විදිහට නොවේ – මැඩිල්ලේ හිමි

ජනාධිපති ගෝටාබය රාජපක්ෂ රට පාලනය කළ යුත්තේ ජනවරමට අනුව මිස අනුරාධපුරේ ඥානා අක්කාට අවශ්‍ය විදිහට නොවේ – මැඩිල්ලේ හිමි

ගෝඨාභය රාජපක්ෂ මහතා ගෝටාභය දක්‍ෂ දේශපාලඥයෙක් නොවෙන බවත් ඔහුට මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව ගමණක් නැති බවත් ඔහු දේශපාලනමය ලෙස අත්දැකීම් අඩු අයෙක් බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට ඇති දේශපාලන සවිඥානිකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට නැති බවද උන්වහන්සේ පෙන්වා දෙති.

ජාතික සංවිධාන පැත්තකට විසිකර දමමින් වියත්මග වැනි තමන්ගෙ හිතවතුන් පිරිවරාගෙන යන ගමන එතරම් සුබදායී ගමනක් නොවනු ඇතැයි තමන් වහන්සේ ජනාධිපතිවරයාට පවසා සිටින බවද උන්වහන්සේ පවසති.

20 වෙනි සංශෝධනය සම්මත වුවත් නැතත් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සෙවනැල්ල නැතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට සාර්ථක දේශපාලන ගමනක් නැතැයි උන්වහන්සේ වැඩිදුරටත් පවසති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *