දෙමළ සන්ධානයේ පරාජයට හේතුව එල්ටීටීඊ පිළිබඳ ඇතැමුන්ගේ විවේචනයයි

දෙමළ සන්ධානයේ පරාජයට හේතුව එල්ටීටීඊ පිළිබඳ ඇතැමුන්ගේ විවේචනයයි

දෙමළ සන්ධානයේ පරාජයට හේතුව එල්ටීටීඊ පිළිබඳ ඇතැමුන්ගේ විවේචනයයි

දෙමළ සන්ධානයේ සිටි සමහර අය එල්ටීටීඊ ය සහ ඔවුන්ගේ විමුක්ති අරගලය පිළිනොගන්නා බවට කළ ප්‍රකාශයන් නිසා දෙමළ සන්ධානය අන්ත පරාජයක් අත්කරගත් බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහා රාදලිංගම් මහතා විසින් යාපනයේ පැවති උත්සවයක් අමතමින් ප්‍රකාශකර සිටියේය.

තවදුරටත් ඔහු කරුණු දක්වමින්,

“දෙමළ සන්ධානය මෙවර මැතිවරණයෙන් අන්ත පරාජයට පත්වුනා. එයට හේතු පැහැදිලිවම දැන දැනම අසමත් වීමට හේතු සෙවීමට කමිටු පත්කර සොයා බලයි. ඇතමෙක් මැතිවරණ කාලයේදී විමුක්ති ව්‍යාපාරය පිළිගන්නේ නැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරා. දැවැන්ත පරාජයට මූලික හේතුව එයයි. තවද විසඳුම් මාලාව සම්බන්ධයෙන් ද්‍රවිඩ ජනතාව දිගින් දිගටම රැවටීමට ලක් කළ නිසාත් මෙවර සන්ධානය පසුබෑමට හේතු වුනා. අපි අසාර්ථකත්වයන් සහ වැරදි පිළිගෙන අනාගතය කරා ඉදිරියට යා යුතුය. දෙමළ ජාතික සන්ධානය විනාශ කළ නොහැකිය. අපි එය විනාශ කරන්න ඉඩ දෙන්නෙ නෑ.

ජනාධිපතිවරණයේ දී අපි සහාය දුන් අයම මෙවර අපිට විරුද්ධව ජාතිවාදී විවේචනයන් කරමින් කටයුතු කළා. ඔවුන් රාජපක්ෂවරුන්ට වඩා සන්ධානයේ ඇතැම් අය කළ ප්‍රකාශ උලුප්පා දක්වමින්, සරත් ෆොන්සේකා ඇතුළු සජිත්ගේ පාර්ශවය අපිව විවේචනය කළා.
දෙමළ ජාතියේ විමුක්තිය උදෙසා සටන් කළ අප එක්සත් විය යුතුය. නැගෙනහිර පළාත් පුරා විද්‍යා කාර්ය සාධක බලකායේ මුළුමනින්ම සිංහල කතා කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් තමයි මෙහෙයවන්නේ. තවද ද්‍රවිඩ ජනතාව සංක්‍රමණිකයන් ලෙස පෙන්වීමට ඔවුන් සාක්ෂි සොයනවා. සන්ධානය මෙතෙක් මොනවද කරලා තියෙන්නේ කියලා ප්‍රශ්න නැගූ අය දැන් පාර්ලිමේන්තුවට පත් වෙලා. දෙමළ සන්ධානය කර ඇති දේට වඩා තමන් කුමක් කිරීමට යනවාද යන්න ජනතාව වටහා ගනු ඇත” යනුවෙන් ඔහු පවසා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *