අවසන් සටන්බිමේ ජන සංහාරය සිදු කළ බවට සාක්ෂි තියෙනවා – ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්

ගජේන්ද්‍ර කුමාර්ගේ කතාවට පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය

ගජේන්ද්‍ර කුමාර්ගේ කතාවට පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය

“ජනාධිපති රටේ පරමාධිපත්‍ය ගැන කතා කරනවා, නමුත් ලංකාවේ අවසන් යුද පිටියේ ජන සංහාරය සිදු කළ බවට සාක්ෂි තියෙනවා. එහෙම තියෙද්දී යුද අපරාධ වසන් කිරීමට හෝ ජාත්‍යන්තර වගකීම් අත්හැරීමට හෝ නොහැකිය” යනුවෙන් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණෙහි නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා විසින්, පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයෙහි දී පෙන්වා දුන්නේය.

සිංහල මාධ්‍ය පළ කළ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ දේශය කතාව දමිළ මාධ්‍ය පළ කළ අයුරු.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු, ලංකාව යනු විවිධ ජාතීන් ජීවත් වන රටක් මෙහි ප්‍රධාන ජාතීන් දෙකක් නියෝජනය වෙනවා. මෙම ජාතීන් දෙකෙහිම අයිතීන් සමානයි. ව්‍යවස්ථානුකූලව මෙම අයිතීන් තහවුරු කර තිබෙනවා. වත්මන් පාලනයෙහි සිටින සියලු දෙමළ නායකත්වයක්ම ‘දෙමළ ජනයාගේ දේශය මුදුන්පත් වන්නට’ යන පාඨය ප්‍රචාරය කළ අයයි. එය සිදුවෙනවා දැකීම උතුරු නැගෙනහිර ජනයාගේ කැමැත්තයි. ඔවුන් මෙවර ලබා දී ඇති තීරණය ප්‍රතික්ෂේප කළ නොහැකියි. දෙමළ ජනතාවගේ අයිතීන් බාධාවකින් තොරව ලබා දිය යුතුයි.

මේ රටේ යුද්ධයක් තිබුණා. එහිදී යුද අපරාධ සිදු වුණුබව මුළු ලොවම පිළිගත්තා. ඒවාට සාක්ෂි පවා තිබෙනවා. ඒවා වසන්කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න බැහැ. යුද්ධය නිසා උතුරු නැගෙනහිර ජනතාව අවුරුදු 30කින් ආපස්සට ගිහිං. ඔවුන් සමසේ සැලකුම් ලැබිය යුත්තන් වේ. ඔවුන්ගේ ආර්ථිකය ගොඩනැංවීමට රජය ක්‍රියා කළ යුතුයි, යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

මෙයට පිළිතුරු දෙමින් පැවසූ රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා, මෙම රටේ කිසිදු යුධ අපරාධයක් සිදු නොවූ බවත් ගජේන්ද්‍රකුමාර් අසත්‍ය කතා පවසමින් මෙම සභාව නොමඟ යවන බවත් පවසා සිටියේය.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්

මේ අතර ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා 14 වැනිදා මුලතිව්, මුල්ලිවයික්කාල්හිදි ස්ථාපිත කොට ඇති සැමරුම් ස්මාරකය අභියසදි සැමරුම් වැඩසටහනක් පවත්වා තිබුණි.

-වීරකේසරි ඇසුරෙනි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *