හැත්තෑ වසරක දෙමළ මිනිසුන්ගේ ගැටළුව ජනපති ප්‍රතික්ෂේප කළා – පාර්ලිමේන්තුවේ ශ්‍රීදරන් දොස් නගයි

හැත්තෑ වසරක දෙමළ මිනිසුන්ගේ ගැටළුව ජනපති ප්‍රතික්ෂේප කළා - පාර්ලිමේන්තුවේ ශ්‍රීදරන් දොස් නගයි

හැත්තෑ වසරක දෙමළ මිනිසුන්ගේ ගැටළුව ජනපති ප්‍රතික්ෂේප කළා - පාර්ලිමේන්තුවේ ශ්‍රීදරන් දොස් නගයි

70 වසරකට වැඩි කාලයක් මුල් ඇදී ගිය දෙමළ මිනිසුන්ගේ ජනවාර්ගික ගැටළුව පිළිබඳව ජනාධිපතිතුමා විසින් කිසිදු වචනයක්වත් මෙම පාර්ලිමේන්තුව තුළ කථා නොකිරීම බලවත් කණගාටුවට කරුණක් බව පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීදරන් ප්‍රකාශ කර සිටියේය.

ඔහු තවදුරටත්,

රටේ එක් ප්‍රධාන ගැටළුවක් පිළිබඳව රාජ්‍ය නායකයා කථා නොකිරීම යනු රටේ අවාසනාවක් ලෙස අපි සලකන්නෙමු. සිංහල ජනවර්ගය සහ දෙමළ ජන වර්ගය යනු මෙම රටේ ජීවත්වන ප්‍රධාන ජන වර්ග දෙකක්. දෙමළ ජන වර්ගය පසුගිය වසර 70, 80 ක කාලයක් තිස්සේ මෙම රටේ විවිධ ජන සංහාරයන්ට ලක්වෙමින් විනාශයන්ට ලක්කරන ජාතියක්. ඒ නිසාම ඔවුන් දීර්ඝ යුද්ධයකට තම ජීවිතය කැප කර සිටියා.

දැනට ඔවුන් සටන් නොකර නිහඬ වුවත් තමන් මේ රටේ පුරවැසියන් බවත් තමන් මේ රටට අයිති අය බවත් ඔවුන්ට තවමත් නොහැගෙන්නේ, විටින් විට ගෙන එනු ලබන නීති, සිංහල ජනතාවගේ ආකල්ප සහ ඔවුන්ට මග පෙන්වන සිංහල නායකයන්ගේ ආකල්ප නිසාවෙනි. විශේෂයෙන් බහුතර බලයකින් පත්වී ඇති රජය උඩගුවී මෙය ක්‍රියාත්මක කිරීමට උත්සුක වන්නේ නම් මෙම රට තවත් ජාතිවාදී බලවේගයන්හි හස්තයන්ට හසුවීමට පෙර ඔවුන් අත්දැකී පාඩමක් බව මතක තබා ගත යුතුය.

මෙම දිවයින තුළ මෙම ජන වර්ග දෙකම ජීවත්වන නමුත් ඔවුන් තමන්ටම වූ දේශපාලනයක් සහ ආර්ථිකයක් විවිධ අයුරින් ගෙන ඇත්තෝය. මෙම සත්‍යය පිළිගෙන මීට පෙරම ක්‍රියාත්මක වූයේ නම් ලංකාව ආර්ථික අතින් සංවර්ධනය වීමට කිසිදු බාධාවක් නොතිබෙන්නට තිබුණු බව ප්‍රකාශ කර සිටියේය.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *