පොහොර සහනාධාරය රුපියල් 5000කින් ඉහළට

0
පොහොර සහනාධාරය රුපියල් 5000කින් ඉහළට

පොහොර සහනාධාරය රුපියල් 5000කින් ඉහළට

රජය පොහොර සහනාධාරය ලෙස හෙක්ටයාරයකට මෙතෙක් ලබා දුන් රුපියල් 25,000ක මුදල රුපියල් 30,000ක් දක්වා වැඩි කර ඇති බවත් වී වගාව ආරම්භ කරන ලද භූමි ප්‍රමාණයෙන් සියයට 89ක් සඳහා පොහොර සහනාධාරය ගෙවා අවසන් කර ඇති බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයිි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

මේ වනවිට ප්‍රතිලාභීන් 502,836කට පොහොර සහනාධාරය ලබා දී ඇති බව පවසන ඒ මහතා ඒ සඳහා රුපියල් මිලියන 10,947ක් වැය කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.මෙවර පොහොර සහනාධාරය එකවර ගොවි ගිණුම්වලට බැර කරන බවද ඒ මහතා කීය.

යල කන්නයේ වී වගාව බාධාවකින් තොරව සිදු කර ගැනීමට අවශ්‍ය පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත නිකුත් කර ඇති බව පෙන්වා දෙන ඒ මහතා මෙම කන්නයට අදාළව වෙළඳපොළ මිල කෙතරම් ඉහළ ගියද කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 10,200ක මුදලකට සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකින් ලබා ගැනීමට හැකි බව ද පෙන්වා දුන්නේය.

ඒ අනුව මුල් අවස්ථාවේදී පොහොර මෙට්‍රික් ටොන් 48,000ක ප්‍රමාණයක් ගොවිජනතාව අතර බෙදා දී ඇති අතර රජය නැවතත් පොහොර මෙට්‍රික් ටොන් 15,000ක ප්‍රමාණයක් රට තුළ පවතින පුද්ගලික පොහොර සමාගම්වලින් ගොවිජන සේවා කාරක සභා වෙත මිලදී ගැනීමට කටයුතු කළ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.මෙම අමතරව ලබා ගත් යූරියා මෙට්‍රික්ටොන් 15,000 සඳහා රජය රුපියල් මිලියන 1859ක මුදලක් වැය කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com