අපේ ජන බල පක්ෂ ගැටලුව උග්‍ර අතට, අතුරුදන්ව සිටින ලේකම් රතන හිමි නම් කරලා ..

0
අපේ ජන බල පක්ෂ ගැටලුව උග්‍ර අතට, අතුරුදන්ව සිටින ලේකම් රතන හිමි නම් කරලා

අපේ ජන බල පක්ෂ ගැටලුව උග්‍ර අතට, අතුරුදන්ව සිටින ලේකම් රතන හිමි නම් කරලා

මේ වනවිට අතුරුදන්ව සිටින, අපේ ජන බල පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි මැතිවරණ කොමිෂන් සභාව වෙත දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තමාගේ නම නිර්දේශ කරමින් මීට පෙර එවා ඇති ලිපිය ඉල්ලා අස්කර ගන්නා බවයි.

අදාල දිවුරුම් පෙත්සමේ සඳහන් වන්නේ මන්ත්‍රී ධුරය සඳහා තමන් වෙනුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිගේ නම යෝජනා කරන බවයි.මහ මැතිවරණය පවත්වා සති තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් අපේ ජන බල පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධුරය සඳහා තවමත් කිසිවෙකු පත්කර නොමැත. ඊට හේතුව වී ඇත්තේ එම පක්ෂයේ නායකයන් කිහිප දෙනෙකු මන්ත්‍රී ධුරය සඳහා අයිතිවාසිකම් කීමට ඉදිරිපත් වීමයි.

ඒ අතර පක්ෂ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබුණේ මන්ත්‍රී ධුරය සඳහා තමාගේ නම යෝජනා කරන බවයි. එතැන් පටන් ලේකම්වරයා අතුරුදන්ව සිටින අතර පක්ෂයේ සභාපතිවරයා පවසන්නේ අගෝස්තු 07 වැනිදා සිට ලේකම්වරයා අදාල තනතුරින් ඉවත් කර ඒ වෙනුවට නිශාන්ත රත්නායක මහතා පත්කර ඇති බවයි.

සභාපතිවරයාගේ පාර්ශ්වයෙන් ලේකම් ධුරය සඳහා යෝජනා වී ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි වන අතර පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා මන්ත්‍රී ධුරය සඳහා නම් කරන ලෙසට මැතිවරණ කොමිසම වෙත දැනුම දී තිබෙන බව ද පසුගියදා වාර්තා විය.

මේ අනුව මැතිවරණ කොමිසම ද මන්ත්‍රී ධුරය ලබා දෙන්නේ කාටද යන්න පිළිබඳව බරපතල අර්බුදයකට මැදිව සිටී. පසුගියදා ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන්ද උපදෙස් ඉල්ලා තිබිණි.
-LNW-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com