නාමල්ට සුභ පැතුම්, ඔබේ බාප්පාගේ ‘රාජාසන’ කථාව මට තිබුන නරකම බියක් – මංගල සමරවීර

නාමල්ට සුභ පැතුම්, ඔබේ බාප්පාගේ ‘රාජාසන’ කථාව මට තිබුන නරකම බියක් - මංගල සමරවීර

නාමල්ට සුභ පැතුම්, ඔබේ බාප්පාගේ ‘රාජාසන’ කථාව මට තිබුන නරකම බියක් - මංගල සමරවීර

බහුතරවාදී දැක්මක් මත පදනම් වූ ජනපතිගේ රාජාසන කතාව මගින් ශ්‍රී ලංකාව ආපස්සට වූ විශාල පිම්මකට සූදානම් විය යුතුය යන තමාගේ නරකම බිය නැවතත් සනාථ කරන අයුරින්ම පැවති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර ඇත.

රටේ නවවන පාර්ලිමේන්තුව අමතමින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, ‘ජනතා නියෝජිතයින් වශයෙන් අප බහුතර ජනයාගේ අභිලාෂයන් සෑමවිටම අගය කරන්නෙමු, එතුළින් ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කළ හැකි වන්නේය’ යනුවෙන් පවසා සිටියේය.

මේ අතර “නව පාර්ලිමෙන්තුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අවසන් කටයුතු සිදුකළ පාර්ලිමේන්තුවක් ලෙස ඉතිහාසගත වෙයිද ?”යි මීට පෙර විමසා සිටි මංගල සමරවීර,ජනපතිගේ රාජාසන කතාව පිළිබඳව තම ට්විටර් පණිවුඩයක මෙසේ සඳහන් කර තිබුණේය.
නාමල්ට සුභ පැතුම්, ඔබේ බාප්පාගේ ‘රාජාසන’ කථාව මට තිබුන නරකම බියක් - මංගල සමරවීර
“මෑත කාලයේ හොඳම ක්‍රීඩා කවුන්සිලයක් පත් කිරීම ගැන නාමල්ට සුභ පැතුම්, නමුත් ඔබේ බාප්පාගේ ‘රාජාසන’ කථාව බහුතරවාදී දැක්මක් මත පදනම් වූ අතර, ශ්‍රී ලංකාව ‘පසුපසට විශාල පිම්මකට’ සූදානම් විය යුතුය යන මගේ නරකම බිය සනාථ කරයි.”

– VK

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *