“පරණ සෙල්ලම තවත් විධියකට පටන් අරගෙන” – චම්පික රණවක

"පරණ සෙල්ලම තවත් විධියකට පටන් අරගෙන" - චම්පික රණවක

"පරණ සෙල්ලම තවත් විධියකට පටන් අරගෙන" - චම්පික රණවක

කොළඹ නිදහස් චතුරස්‍රයේ වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බවට පවසන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු උසස් නිලධාරී වරයෙක් වන රජීව ජයවීර සම්බන්ධ අධිකරණ වාර්තා මෙතෙක් ප්‍රකාශ නොකළ බවත් මේ ආණ්ඩුව පරණ සෙල්ලම තවත් විධියකට ආරම්භ කර ඇති බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේය.

චම්පික රණවක තවදුරටත් කියා සිටියේ

“19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නට යන බව ආණ්ඩුවත් අගමැතිත් විටින් විට පවසමින් සිටී. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඔවුනුත් පක්ෂව ඡන්දය දුන්නා. මහින්ද රාජපක්ෂ සමග සිටි කණ්ඩායම තමයි එය තුනෙන් දෙකක බහුතර බලයෙන් සම්මත කළේ. මෙම නීතිය සම්මත කරගත් පියවරු සිටින්නේ රාජපක්ෂ කඳවුරේ. දැන් ඔවුන්ම එය විවේචනය කරනවා.

දැන් ඔවුන්ගේ අවශ්‍යතාවය කුමක්ද? ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව නැති කළ යුතුයි. ස්වාධීන අධිකරණයක් නොමැතිව එය අහෝසි කොට තමන්ට කැමති අය අධිකරණයේ පිරවිය යුතුයි.

පොලිස් කොමිසම දැනට අක්‍රීයව පවති. අනාගතයේදී පොලිස් කොමිසම සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කොට එයට දේශපාලන පත්වීම් ලබා දිය යුතුයි.

යහපාලන රජය යම්තරමකට ප්‍රජාතන්ත්‍රවාදය මෙම රටතුළ ස්ථාපිත කරන්න සමත්වුනා. අපි මාධ්‍යවේදීන්ව කවදාවත් පැහැරගත්තේ නැහැ. කිසිදු මිනීමැරීමක් සිදුවුනේද නැහැ. නිදහස් චතුරස්‍රයේදී තුවක්කුවකින් මරා දැමූ පුද්ගලයාගේ අධිකරණ වාර්තාව තවමත් ප්‍රකාශ කළේ නැත. ඔහු සියදිවි හානි කරගත්තේද නැතහොත් එය මිනීමැරුමක්ද යන්න තවමත් ප්‍රකාශ කර නැත.”

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *