පොහොට්ටුව, ඉන්දියාවේ බි.ජේ.පී පක්ෂය වගේ වෙනවට මම කැමතියි – බැසිල් රාජපක්ෂ‍

පොහොට්ටුව, ඉන්දියාවේ බි.ජේ.පී පක්ෂය වගේ වෙනවට මම කැමතියි - බැසිල් රාජපක්ෂ‍

පොහොට්ටුව, ඉන්දියාවේ බි.ජේ.පී පක්ෂය වගේ වෙනවට මම කැමතියි - බැසිල් රාජපක්ෂ‍

අපගේ පක්ෂය චීනයේ කොමියුනිස්ට් පක්ෂය (CCP) ලෙස සිටිය යුතුයි. ඒ අයුරින් ක්‍රියා කලයුතුයි යන්න මාගේ කැමැත්තයි, මෙම පක්ෂය(ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) වගකීමෙන් කටයුතු කරන්නකි. ඉන්දියාවේ බි.ජේ.පී. පක්ෂය ලෙසටද සිටීමට අප කැමැත්තෙමු. ලොව දේශපාලන පක්ෂ බොහෝමයක් පිළිබඳව අප ඉගෙන ගෙන ඇත්තෙමු. ඒ අතුරින් චීන කොමියුනිස්ට් පක්ෂය සහ ඉන්දියාවේ බි.ජේ.පී. පක්ෂය විශේෂ වේ, යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඩේලි එෆ්ටි ( Daily FT ) මාධ්‍ය සමග සිදුකල සාකච්ඡාවකදී පවසා ඇත.

“වාසනාවකට හෝ අවාසනාවකට ජනතාව රාජපක්ෂවරුන් තෝරා පත්කරති. නුසුදුසු නම් ඔවුන් තොරා පත්කර නොගනිති, 2015 දී මෙය සිදු විය. අපි අපව වෙනස් කරගෙන නැවත පැමිණ සිටින්නෙමු. සියලු රාජපක්ෂ අපේක්ෂකයෙකුම මෙවර ඔවුන් තෝරා ගනිති. නමුත් තුනෙන් දෙකක බහුතරයක් ගැනීම පිළිබඳ මා තවමත් සෑහීමට පත් නොවෙමි. ඒ මන්දයත් එය ප්‍රබල ඉලක්කයක්” ඔහු තවදුරටත් පවසා සිටියේය.

“පාර්ලිමෙන්තුවට නොගොස් දේශපාලනයේ සිටිය යුත්තේ කෙසේදැයි මා 2015 සිට විකල්ප මාර්ගයන් දුටුවෙමි. තවත් කිහිප දෙනෙකුද මෙය පිළිපදින ආකාරය දැන් දක්නට ලැබෙනවා. පාර්ලිමේන්තුවට නොගොස් මා ආරම්භ කල ක්‍රමය මෙයයි. මා එක් දේශපාලන පක්ෂයක් ආරම්භ කර ඇත්තෙමි. එය මැතිවරණ දෙකකින් ජයගෙන ඇත. දැන් තුන්වන මැතිවරණයට සූදානම් වන්නෙමු. මෙයින්ද අප ජය ගන්නෙමු. එබැවින් පාර්ලිමෙන්තුවට නොගොස් කල හැකි දේ බොහෝමයි. මංගල සමරවීරද මෙවැනි මගක් තෝරාගෙන තිබීම ගැන මා සතුටු වෙමි. සියලු දෙනා මෙය උත්සාහ කර බැලිය යුතුයි” බවත් ඔහු පැවසීය.
පොහොට්ටුව, ඉන්දියාවේ බි.ජේ.පී පක්ෂය වගේ වෙනවට මම කැමතියි - බැසිල් රාජපක්ෂ‍
පොහොට්ටුව, ඉන්දියාවේ බි.ජේ.පී පක්ෂය වගේ වෙනවට මම කැමතියි - බැසිල් රාජපක්ෂ‍

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *