මූලධර්මවාදීන් නොසලකා හරිමු, මුස්ලිම්වරුන් පොහොට්ටුවේ ජයග්‍රහණයෙහි හවුල්කරුවන් විය යුතුයි – කෙහෙලිය

හිමිකරුවන් නැති ෆේස්බුක් ගිණුම් ලක්ෂ 20ක් නියාමනය සහ පාලනය කිරීමට නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේදී - ජනමාධ්‍ය ඇමැති

හිමිකරුවන් නැති ෆේස්බුක් ගිණුම් ලක්ෂ 20ක් නියාමනය සහ පාලනය කිරීමට නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේදී - ජනමාධ්‍ය ඇමැති

යම්කිසි ප්‍රජාවක ඇතැමුන් මූලධර්මවාදී අදහස් දැරූ පමණින්, එම සමස්ත ප්‍රජාව දෙසම සැකයෙන් බැලීම කිසිදු තේරුමක් නැති බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කෙහෙලිය රම්බුක්වැල්ල උඩුනුවර වේලම්බොඩ පැවති මහ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් පවසා ඇත.

එළඹෙන මහ මැතිවරණයේදී මුස්ලිම්වරුන් පොදුජන පෙරමුණේ ජයග්‍රහණයෙහි හවුල්කරුවන් විය යුතු බව ඔහු තවදුරටත් පවසා සිටියේය.

තවදුරටත් කරුණු දැක්වූ ඔහු,
“එක්සත් ජාතික පක්ෂයේ ජාතිවාදී නොවූ සිංහල, මුස්ලිම් සහ දෙමළ නායකයින් සිටියහ. නමුත් අද තත්වය වෙනස් වී ඇත. අද එක්සත් ජාතික පක්ෂය බෞද්ධ, මුස්ලිම් සහ දෙමළ ජාතිවාදයට තල්ලු වී තිබේ.

බදියුදීන් මහ්මුද්, ලක්ෂ්මන් කදිර්ගාමන්, බාකිර් මාකාර්, ඒ.සී.එස්. හමීඩ්, සිංහල මරික්කාර් සහ අබ්දුල් ජබ්බාර් වැනි නායකයින් සියලු ජාතීන් විසින් පිළිගත් සුළු ජාතික නායකයින් ලෙස සිටියහ. ඒ.සී.එස්. හමීඩ්ගේ ජයග්‍රහණය පන්සල් තුළ තහවුරු විය. ඔහු බොහෝ විට පන්සල් සමග අවබෝධයන් ගොඩනගා ගත් නායකයෙකි. ඔවුන් සිංහල ජනයාගේ ඡන්දවලින් ජයග්‍රහණය කළෝය. මෙම නායකයින් කිසිවෙකුට වාර්ගිකව වෙනස්කම් කර නොමැත. සමහරු නව දේශපාලන පක්ෂ බිහි කර වාර්ගික අවබෝධය බිඳ දැමීමට ක්‍රියා කිරීම නිසා පසුගිය අවුරුදු 25 තුළ ජාතීන් අතරේ සැකයන් වැඩී තිබේ. මෙම සැකයන් දුරු කළ යුතුව ඇත.

ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව පිහිටුවන තත්වයක නැත. සජිත් ප්‍රේමදාසට සිරිකොතෙ හි බලය අත්පත් කර ගැනීම සඳහා ජනතාව ඡන්දය දෙන්නෙ නෑ. ජනතාව ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමට සහ සංවර්ධන වැඩසටහන් වලින් ප්‍රතිලාභ ලබා ගැනීමට ආණ්ඩුවට සහාය වෙයි.

බෞද්ධ, මුස්ලිම් සහ දෙමළ ජාතිවාදයට එරෙහිව මම පාර්ලිමේන්තුවේදී හඞනඟා ඇත්තෙමි. මීළඟ පාර්ලිමේන්තුව මූලධර්මවාදීන් නොමැති පාර්ලිමේන්තුවක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. සමාජය තුළ සියයට දෙකක් මූලධර්මවාදී මත දරණ අය සිටී. මේ හේතුවෙන් මුළු ප්‍රජාවම සැකයෙන් බැලීම හා ඔවුන් ගොදුරු බවට පත්වීම තේරුමක් නැත. එනිසා මූලධර්මවාදීන් නොසලකා හරිමු”.

ශරීරයේ පිළිකා ඇති වූ විට පිළිකා ඇති කොටස කපා ඉවත් කළ යුතුය. එළෙසින්ම සමාජය පිළිකා රෝගයෙන් පීඩා විඳින විට ප්‍රජාවද එලෙස ක්‍රියා කළ යුතු බවද ඔහු පැවසීය.

-IBC තමිළ්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *