මුස්ලිම්වරුන්ට තනි නීතියක් අවශ්‍ය නැහැ – මොහමඩ් මුසම්මිල්

0

මුස්ලිම් නීතිය, කාති අධිකරණය යනාදිය ඉවත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ඉම්තියාස් බාකිර් මාකාර් විසින් කළ ප්‍රකාශය තමන් තරයේ හෙලා දකින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි ජාතික ලැයිස්තු අපේක්ෂක සහ ජාතික නිදහස් පෙරමුණෙහි මාධ්‍ය ප්‍රකාශක වන මොහමඩ් මුසම්මිල් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි මැතිවරණ රැළියක් අමතමින් පවසා සිටියේය.

ඉම්තියාස් බාකිර් මාකාර් වැනි සිංහල ඉගෙන ගත්, සිංහල භාෂාව හොඳට හසුරුවන ඒ වගේම සිංහල ජනතාවගේ හොඳ හිත දිනාගත් කෙනෙක් මෙවැනි අන්තවාදී ස්ථාවරයක් ගැනීම පිළිබඳව තමන් කනගාටු වන බවද ඔහු පවසා සිටියේය.

රටක එක නීතියක් ක්‍රියාත්මක විය යුතුයි. ජාතීන් අනුව තනි තනිව නීති සම්පාදනය කළවිට සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් වෙන් වෙන්ව නීති ඇතිකල යුතුයි. අවසානයේදී මෙවැනි වෙන් වූ නීති ක්‍රියාත්මක කිරීම සඳහා ජාතීන් ලෙස වෙන්වූ රටවල් බිහි වීමට මග පාදයි.

මෙනිසා ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස එක නීතියක් යටතේ ක්‍රියා කළ යුතුයි. ජාතිය අනුව හෝ ආගම අනුව තනි නීති අනවශ්‍ය බවද මොහමඩ් මුසම්මිල් පවසා සිටියේය.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com