අපි ගෝඨාභය දිනෙව්වේ රට පුරා බණ 800කට වඩා කියලා… දැන් යන්නේ පරණ පාරෙමයි…

අපි ගෝඨාභය දිනෙව්වේ රට පුරා බණ 800කට වඩා කියලා

අපි ගෝඨාභය දිනෙව්වේ රට පුරා බණ 800කට වඩා කියලා

ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති කරවීම සඳහා තමන්වහන්සේ රට පුරා දෙතුන්දාහක් පැමිණි බණ 800කට වැඩි ප්‍රමාණයක් දේශනා කර ඇති බවත් එසේ මැදිහත් වූයේ මහින්ද රාජපක්ෂ මහතාටත් ඔහුගේ පරණ හොරු රැළටත් මේ රට පරණ පාරේම රැගෙන යාමට ඉඩදීම සඳහා නොවන බවත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කරති.

“දැක්කනෙ ඊයෙ පෙරේදා අර කුරුණෑගල නගරාධිපති, බුවනෙක හෝටලේ හරි මොකක් හරි පැරණි ගොඩනැගිල්ල කියමුකෝ, ඒක 2014දි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාම සංරක්ෂණය කළයුතු ගොඩනැගිල්ලක් හැටියට නම් කරනවා. ගොඩනැගිලි 10න් 06 වෙනි ගොඩනැගිල්ල විදියට. ජොන්ස්ටන් කියනවා මගේ මිනිහා නගරාධිපති, මයිලකට අත තියන්න දෙන්නැහැ කියලා.

පුරාවිද්‍යාවෙන් දාපු කමිටුව කියනවා මේකෙ වරදක් වෙලා තියෙනවා අනිවාර්යයෙන් නීතිය හමුවට පමුණුවන්න ඕනෙ කියලා. ඊට පස්සෙ පොහොට්ටුවෙ සභාපති හාමුදුරුවො ඇවිල්ලා කියනවා පොහොට්ටුවෙ වීම නිසා, නැහැ නැහැ මේක මේ දේශපාලනේ. මේකෙ ගණං ගන්න දෙයක් නැහැ කියලා. අනිත් පැත්තෙන් ආණ්ඩුවෙ නිර්දේශයක් එනවා ලක්ෂ 90ක් යනවා ඒක නගරසභාවේ සහ පළාත් සභාවේ සල්ලිවලින් පිළිසකර කරන්න ඕනෙ කියලා.

ඉතිං ගෝඨාභය මහත්තයා කියනවා ඊයෙද පෙරේදාද කොහෙද, නැහැ නැහැ නැහැ ඒක අර මේ බුවනෙක කියන්නෙ අහවලාගෙ පුතානෙ කියලා. එහෙනම් මොන බම්බුවකටද ලක්ෂ 90ක් වෙන් කරන්නෙ අරක හදන්නේ ? ඕක සමතලා කරා නම් ඉවරයිනෙ.

මෙන්න මේගොල්ලොන්ගෙ දේශපාලනේ ! අපි මේ පරණ පාරෙම මුංව අරන් යන්නද ගෝඨාභය වගේ කෙනෙකුට කතිරෙ ගැහුවෙ ? නැහුණෙ අපි ?

බණ 800කට වඩා කියලා තියෙනවා මම මේ රටේ, මේ මතය හදන්න. එක බණකට මිනිස්සු දෙතුන් දාහ ඇවිල්ලා තියෙනවා බණ අහන්න. යූඑන්පී කාරයො ඇවිල්ලා කියලා තියෙනවා ඔබවහන්සේ කියන කතාව ඇත්ත ගහන්නෑ මේ පාර කියලා. එහෙමයි අපි ඔසවලා තිබ්බෙ. හැබැයි ඒ මහින්ද මහත්තයාටයි එයාගෙ පරණ හොරු රැළටයි මේක පරණ පාරෙම අරන් යන්න නෙවෙයි ඒක කළේ” යනුවෙනුයි ඒ හිමියෝ සඳහන් කළ හ.

-lankatruth-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *