ඊශ්‍රායලයේ නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව ශ්‍රී ලංකාව හඬ නගයි…

පලස්තීනයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ මැදිහත්වීම පිළිබඳ ශ්‍රී ලංකා රජය තම කනස්සල්ල පළ කර ඇති අතර බටහිර ඉවුරේ නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම නවත්වන ලෙස ඊශ්‍රායලයෙන් ජිනීවාහි එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව ඉල්ලා සිටී.

එම නිවේදනයෙන් පලස්තීන ජනතාවට රාජ්‍යත්වයට සහ ඔවුන්ගේ භූමියේ ඇති ස්වාභාවික සම්පත්වලට ඇති නීත්‍යානුකූල හා නොවැළැක්විය හැකි අයිතියක් පවතින බව ශ්‍රී ලංකාව අවධාරණය කර ඇත.

අදාළ නිවේදනයෙන් තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායලය විසින් 1967 සිට පලස්තීන දේශ සීමාව බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටින අතර මේ පිළිබඳව එක්සත ජාතීන්ගේ මැද පෙරදිග සාම ක්‍රියාකරු විසින් නැවත නැවත ප්‍රතිරාව කර ඇති බවත්, ශ්‍රී ලංකාවද ඊශ්‍රායලයේ එම මැදිහත්වීමට විරෝධය පළ කරන බවත් ය.

ඊශ්‍රායලයේ මෙම ක්‍රියාකාරකම් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති හා මහා මණ්ඩලයේ යෝජනා ඇතුළු අන්තර්ජාතික නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකාව, නිරායුධ පලස්තීන සිවිල් වැසියන්ට එරෙහි ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග නිසා කලාපයේ තිරසාර සාමයක් සාක්ෂාත් කර ගැනීම දුෂ්කර කාර්යයක් වී ඇති බව පෙන්වා දී තිබේ.
-colombogazette-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *