මැලේසියානු සිනමා උළෙලේ හොඳම නළුවා මහේන්ද්‍ර පෙරේරා, ලංකාවට ජාත්‍යන්තර සිනමා අභිමානයක්

0
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී (Malaysian International Film Festival) හොඳම නළුවාට හිමි සම්මානය (Best Actor) දිනාගැනීමට මෙරට ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත්ව තිබේ.

ඒ ඔහු රංගනයෙන් දායක වූ “රිවර්ස්ටන්” (Riverston) චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගන ප්‍රතිභාව වෙනුවෙනි.

ලොව පුරා විවිධ රටවල දක්ෂ රංගන ශිල්පීන් රැසක් අතරින් මහේන්ද්‍ර පෙරේරා මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය හිමිකර ගැනීම විශේෂත්වයකි. මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටි සසු නළුවන්:

යුරායි ලෝයි (Broken Voices චිත්‍රපටය)
චන්ග් චෙන් (Lucky Lu චිත්‍රපටය)
රන්දික ගුණතිලක (Riverston චිත්‍රපටය)
නිකලාස් සරාතේ (The Red Hanger චිත්‍රපටය)
මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සිනමා උළෙලකදී මෙලෙස හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදීද (Singapore International Film Festival) හොඳම රංගනයට හිමි සම්මානයෙන් ඔහු පිදුම් ලබා තිබුණි.

මේ අතර,‘රිවර්ස්ටන්’ චිත්‍රපටයටම රංගනයෙන් දායක වූ ප්‍රියන්ත සිරිකුමාර මහතා මෙවර මැලේසියානු සිනමා උළෙලේදී හොඳම සහාය නළුවාට (Best Supporting Actor) හිමි සම්මානය දිනාගැනීම ශ්‍රී ලාංකේය සිනමාවට අත්කර දුන් තවත් අභිමානවත් ජයග්‍රහණයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com