කොටි සහ මිනිස් ගැටළුකාරී තත්වය හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ග..

කොටි සහ මිනිසුන් අතර ඇති වන ගැටළුකාරී තත්වය හේතුවෙන් මේ වනවිට වැඩි වශයෙන් කොටින් හානියට පත් වී ඇති අතර මේ දක්වා එක් රුස් කර ඇති දත්ත හා තොරතුරු විශ්ලේෂණය කිරීමේදී අනාවරණ වු කරුණු සලකා බලා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත.

  • කොටීන් අනතුරට හෝ මරණයට පත්වන ප්‍රදේශවලට වැඩි ප්‍රමුණතාවයක් ලබා දෙමින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.ඒ යටතේ තේ වතු ආශ්‍රීතව කොටින්ට සිදුවන හානි හා මරණ වලක්වා ගැනීමට වතු ආශ්‍රිතව මහජනතාව දැනුවත් කිරී‍මේ වැඩසටහන් රාශ්‍රියක් සිදු කර අවසන්ව ඇති අතර එම වැඩපිළිවෙළ තවදුරටක් ක්‍රියාත්මක වේ.
  • වන සතුන්ට උගුල් හා මදු වැනි උපක්‍රම භාවිතා කිරීම වැඩි වශයෙන් නිරීක්ෂණය වන ප්‍රදේශ හා එවැනි උපක්‍රම වලට හසු වි කොටීන් මරණයට හෝ අනතුරට පත් වු ප්‍රදේශ ඉලක්ක කර මදු හා උගුල් ඉවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතින අතර මෙය සාර්ථක කර ගැනීම සඳහා විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වන බැවින් ඒ සඳහා දෙපාර්තමේන්තුව ජනතා සහය ද අපේක්ෂා කරයි.
  • කදුකර ප්‍රදේශවල කොටීන්ට සිදුවන අනතුරු සමිබන්ධව සහ කොටින් සම්බන්ධව වෙනත් තොරතුරු ක්ෂණිකව වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැන්වීම සඳහා එම ප්‍රදේශවලට අදාළව හදිසි ඇමතුම් සේවාවක් ක්‍රියාත්මක වේ.
  • කදුකර ප්‍රදේශවල කොටීන් අනතුරට පත් වු අවස්ථාවලදී ක්ෂණිකව ක්‍රියාත්මක වී එම සතුන් මුදා ගැනීම කඩිනම් කිරීම සඳහා වඩාත් සුදුසු ස්ථානවල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය ස්ථානගත කිරීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කර ඇත.
  • වනජීවී නිලධාරීන්ට කොටි සම්බන්ධයෙන් රාජකාරී ඉටු කිරීමේදී අවශ්‍යය වන මාර්ගෝපදේශ සැපයීම සඳහා අදාළ වන සම්මත මෙහෙයුම් පටිපාටියක් නිලධාරීන් වෙත විධිමත්ව නිකුත් කර ඇත.


    එසේම තවදුරටත් පහත සඳහන් ඉලක්ක කඩිනමින් සපුරා ගැනීමට අපේක්ෂිතය.
  1. කොටි සම්බන්ධව දත්ත හා තොරතුරු එක් රැස් කිරීමට ජංගම දුරකථනවලට පිලියෙළ කරන ලද යෙදවුමක් (Mobile App) නිර්මාණය කර මේවනවිට පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක වේ. එම යෙදවුම ඉදිරි කාලයේ දී මහජනතාවගේ භාවිතය සඳහා නිකුත් කරනු ඇත.
  2. කොටීන් සම්බන්ධ රාජකාරී ඉටු කිරීමේදී අවශ්‍ය කරන උපකරණ හා උපාංග ප්‍රමාණවත් පරීදි වනජීවී කාර්යාල වෙත සැපයීමට කටයුතු කිරීම.
  3. කොටීන් සමිබන්ක්ධ රාජකාරී ඉටු කිරීම සඳහා කඳුකරය ආශ්‍රීතව අමතර වනජීවී කාර්ය මණ්ඩලක් යෙදවීමට කඩිනමින් අවශ්‍ය කටයුතු සිදු කිරීම.

    -Department of Wildlife Conservation, Sri Lanka (FB Page)-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *