කොවිඩ් -19 රෝගය වැලඳුණු දරුවන් අතර බහු ඉන්ද්‍රීය පද්ධතීන්ගේ අසාධන ලක්ෂණ

දැනට ලැබී ඇති සීමිත දත්ත අනුව සාමාන්‍යයෙන් වැඩිහිටියන් හා සැසදීමේදී ළමයින්ගේ කොවිඩ් 19 රෝග ලක්ෂණ වැඩිහිටියන්ට සාපේක්ෂව තීව්‍රතාවයෙන් අඩුය . එහෙත් සමහර දරුවන්ට රෝහල් ගත වීම අවශ්‍ය වී ඇති අතර සමහරුන්ට හදිසි සත්කාර සේවා එකක වල ප්‍රතිකාර අවශ්‍ය වී තිබේ .එහෙත් වාර්තා වී ඇති වැඩිහිටි රෝගීන් හා සැසදීමේදී ළමා රෝගීන් පිලිබඳ දැනට ඇති දත්ත ප්‍රමාණවත් නොවේ. මේ අප්‍රමාණික දත්ත වලට හේතුව ලෝකය පුරා උතුරු ඇමරිකාව හා යුරෝපයෙන් ඔබ්බට රෝගීන් පිළබඳ දත්ත වාර්තාකරණයේ අඩු බවය

මේ අතර දැනට උතුරු ඇමරිකාවෙන් හා යුරෝපයෙන් ලැබෙන දත්ත වලට අනුව දැඩි සත්කාර එකක වලට ඇතුළු වීම අවශ්‍ය වූ වැඩිහිටි හා ළදරු රෝගීන් පොකුරු හඳුනා ඔවුන්ගේ රෝග ලක්ෂණ පිලිබඳ අවබෝධයක් ලබා ගෙන තිබේ. ඔවුනතර බහු ඉන්ද්‍රීය පද්ධතීන්ගේ අාසාධන ලක්ෂණ ( Multi system inflammatory conditions ), සමග කවසාකි සහසාධකයට සමාන සමහර ලක්ෂණ ද , ධුලක කම්පන සහසාධක(Toxic Shock Syndrome) ලක්ෂණයට සමාන ලක්ෂණද ප්‍රදර්ශනය වී තිබේ

දැනට ලැබී ඇති සීමිත රෝගී වාර්තා මාලාවන්ට අනුව හදිසියේ ඇතිවූ තීව්‍ර අධි අසාධන සහසාධකය ( Acute hyper inflammatory syndrome ) මගින් බහු ඉන්ද්‍රීය අකර්මන්‍යතාවය හා කම්පන තත්වය ඇති වේ .මුලික අනුමානයන්ට අනුව මේ තත්ත්වය කොවිඩ් -19 හා සම්බන්ධ විය හැකි බවට සැක පහල වී ඇත .මේ තත්ත්ව වලින් පෙළුණු දරුවන්ට ප්‍රති ආසාධන ඖෂධ ප්‍රතිකාරය ලබා දී ඇත .ඒ අතර ශරීරයට ලබා දෙන .ඉමියුනග්ලොබුලින් හා ස්ටිරොයිඩ් ප්‍රතිකාරද ඒ අතර වේ.’

වත්මනේ උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ වාර්තා වෙන මේ සහසාධක රටාව අන් රටවලද වාර්තා වේද යන්න සොයා බැලිම වැදගත්ය . ඒ මන්ද එය කොවිඩ් 19 හා සම්බන්ධ නම් කොවිඩ් 19 සැරිසරන රටවල එවන් රෝගීන් වාර්තා විය යුතු නිසාය .මේ සහසාධකය කොවිඩ් රෝගීන් අතර ඇතිවීම විස්තර කිරීම, ඒ සඳහා අනතුරු සාධක නිර්ණය කිරීම ,හේතු කාරක හඳුනා ගැනීම හා ප්‍රතිකාර විස්තර කිරීම සායනික- වසංගතවේදීව වැදගත්ය . මේ අනුව මේ අවස්ථාවේ වැදගත්ම කාර්ය ලෝකය පුරා විවධ ස්ථාන වලින් එක් සම්මත තත්ත්වයක් යටතේ දත්ත රැස් කිරීමය .ඒ මේ සහ සාධකයේ වසංගත වේදී පරාමිතික , රෝග ලක්ෂණ , තීව්‍රතාවය හා ප්‍රතිපල පිලිබඳ දත්තය .ඒ කාර්යය සඳහා දැනට මේ රෝගීන් හඳුනා ගැනීම හා දත්ත රැස් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සාමාජික රටවලට යෝජනා කර ඇති සම්මත රෝග නිර්වචනය (Standard Case Definition) මෙසේය

දින 3 ක් හෝ ඊට වඩා වැඩි කලක් උන සහිත 0-19 වයස මට්ටමේ දරුවන් හෝ යෞවනෝදයේ පසුවෙන්නන් .හට උනට අමතරව පහත ලක්ෂණ වලින් දෙකක් පැවතීම

1. පලු (rash) , ද්වි පාර්ශවීය සැරව අඩංගු නැති අක්ෂිපටලයේ ආසාදන ( Bi lateral non-purulent conjunctivitis )හෝ ශ්ලේෂ්ම පටල – චර්ම (Muco-cutaneous) ආසාදන තත්ත්වයන්

2. අව රුධිර පීඩනය හෝ කම්පන තත්ත්වය

3. හෘද පේශියේ දුෂ්ක්‍රියාකාරත්වය (Myocardial dysfunction) ,පෙරීකාර්ඩයිටිස්(හෘදපරිකන්ත පටල වැස්මේ ආසාදනය) වැල්වුලයිටිස්(කපාට ආසාදනය) , කිරීටක දමනි අසාමාන්‍යත්ව-Coronary abnormalities (ECHO පරීක්ෂණ ප්‍රතිපල හෝ ඉහළ ගිය Troponin/NT-proBNP),

4. ලේ කැටි ගැසීම වෙනස් වීමේ සාක්ෂි :(a) (Prothrombin time(PT)-ලේ කැටි ගැසීමේ කාලය , (b) Partial thromboplastin time (PTT)- ලේ සාම්පලයක ලේ කැටියක් ඇති වීමට අවශ්‍ය කාල සීමාව , (c) වැඩි වූ d-Dimers නිර්ණය මගින් )
.
5. තීව්‍ර ආමාශ -අන්ත්‍ර(Gastro- Intestinal ) ගැටළු ( පාචනය , වමනය , උදර වේදනා තත්ත්ව ).

සහ
ESR, C-reactive protein, හෝ procalcitonin වැනි .වැඩි වූ /ඉහල ගිය ආසාධන සලකුණු කාරක
සහ
Bacterial sepsis, staphylococcal or streptococcal shock syndrome ඇතුළුව අනෙකුත් ආසාධන සඳහා හේතුකාරක වන ක්ෂ්ද්‍රජීවී හේතුකාරක නොපැවතීම
සහ
COVID-19(RT-PCR, antigen test or serology මගින් කොවිඩ් -19 රෝගය තහවුරු වීම , හෝ COVID-19. රෝගියෙකු ස්පර්ශකයෙකු වීම ( ආශ්‍රිතයෙකු වීම )

© Dr Pushpa Ranjan Wijesinghe
Source : Multisystem inflammatory syndrome in children and Covid-19 : A scientific brief for Member States

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *