ගාසා තීරය සම්බන්ධ ඊශ්‍රායල ප්‍රකාශයට අරාබි සහ ඉස්ලාමීය රටවල් 8කින් ප්‍රබල ඒකාබද්ධ විරෝධයක්

0

ගාසා තීරය සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරීන් කළ ප්‍රකාශ දැඩි ලෙස හෙළා දකිමින්, සෞදි අරාබිය ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ජෝර්දානය, මිසරය, පාකිස්තානය, ඉන්දුනීසියාව සහ තුර්කිය යන ප්‍රධාන අරාබි සහ ඉස්ලාමීය රටවල් එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇත.

​මෙම ඒකාබද්ධ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාරය මගින් විදේශ අමාත්‍යවරුන් අවධාරණය කළේ, ගාසා තීරය යනු පලස්තීන අත්පත් කරගත් භූමියේ අනිවාර්ය කොටසක් වන බවයි. බලහත්කාරයෙන් ජනතාව අවතැන් කිරීමට හෝ කලාපයේ ජනගහන සංයුතිය වෙනස් කිරීමට දරන ඕනෑම උත්සාහයක් ඔවුන් තරයේ ප්‍රතික්ෂේප කල අතර තවද, කලාපයේ ස්ථාවර සාමය රඳා පවතින්නේ ජාත්‍යන්තර නීතියට අනුකූලව “රාජ්‍යයන් දෙකක විසඳුම” (Two-state solution) මත පදනම්ව බව ඔවුහු නැවත නැවතත් පෙන්වා දුන්හ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed