​පාකිස්ථාන-එංගලන්ත එක්දින තරගය පියයුරු පිළිකා දැනුවත් කිරීමේ විශේෂ දිනයක් ලෙස නම් කෙරෙයි!

0

පාකිස්ථාන ක්‍රිකට් ආයතනය (PCB) විසින් තුන්කොන් තරගාවලියේ පාකිස්ථානය සහ එංගලන්තය අතර අද (25) දින පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරඟය පියයුරු පිළිකා දැනුවත් කිරීමේ දිනයක් ලෙස නම් කිරීමට තීරණය කර තිබෙනවා.

පිළිකාව මුල් අවධියේදීම හඳුනාගැනීමේ සහ කාලෝචිත ප්‍රතිකාර ලබාගැනීමේ වැදගත්කම සමාජගත කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි පාකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ජාත්‍යන්තර පියයුරු පිළිකා දැනුවත් කිරීමේ ‘Pinktober’ වැඩසටහනට සමඟාමීව, ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම රෝස පැහැයෙන් සරසා ආයතනික සමාජ වගකීම් මුලපිරීමක් ලෙස මෙම කටයුතු සංවිධානය කර තිබෙනවා.

මෙහිදී පාකිස්ථාන ක්‍රීඩකයින් විශේෂයෙන් නිර්මාණය කරන ලද රෝස පැහැති ජර්සි පැළඳ ක්‍රීඩා කරන අතර, එංගලන්ත ක්‍රීඩකයින්, තරඟ විනිසුරුවන් සහ විස්තර විචාරකයින් රෝස පැහැති රිබන් පැළඳ සිටිනු ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රීඩකයින්ගේ ඇඳුම්වලට පමණක් සීමා නොවී, තරඟය අතරතුර රෝස පැහැයෙන් යුත් කඩුලු (Stumps) භාවිත කිරීමටත්, ක්‍රීඩාංගණයේ දැවැන්ත තිර සහ LED පුවරු මත පියයුරු පිළිකා දැනුවත් කිරීමේ පණිවිඩ ප්‍රදර්ශනය කිරීමටත් නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed