‘තිනකරන් වාරමංජරී’ යාපනය සංස්කරණය එළිදකී!

0

‘තිනකරන් වාරමංජරී’ පුවත්පතේ යාපනය සංස්කරණය ඊයේ (06) එළිදැක්වුණු අතර, එය මේ වන විට උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාඨකයන්ට ලබා ගත හැකිය.

අප රටේ අභිමානවත් සමාජ, සංස්කෘතික හා ඓතිහාසික උරුමයක ජීවමාන සංකේතයක් මෙන්ම පූජනීය ආගමික සිද්ධස්ථානයක් වන ඓතිහාසික යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල් පරිශ්‍රයේදී මෙම උත්කර්ෂවත් අවස්ථාව සංවිධානය කර තිබිණි. එහිදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා නල්ලූර් කෝවිලේ ආගමික වතාවත්වලට ද සම්බන්ධ වූ අතර, අනතුරුව පැවති විශේෂ පූජාවකින් පසු පුවත්පතේ මංගල කලාපය එතුමා වෙත පිළිගන්වමින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම සුවිශේෂ අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමරන් මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා සහ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් මහතා, යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමාගේ පෞද්ගලික සහකාර සහ යාපනය නාගරික මන්ත්‍රී කපිලන් සුන්දරමූර්ති මහතා ඇතුළු යාපනය මහනගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *