ජෙලිෆිෂ් උවදුරක් නිසා පානදුර වෙරළේ දිය නෑමෙන් වළකින්නැයි ඉල්ලීමක්

0
පානදුර මුහුදු වෙරළේ දිය නෑමෙන් වළකින්න; ජෙලිෆිෂ් 300ක් වෙරළට

පානදුර මුහුදු වෙරළේ දිය නෑමෙන් වළකින්න; ජෙලිෆිෂ් 300ක් වෙරළට

පානදුර මුහුදු වෙරළේ දිය නෑමෙන් වළකින ලෙස ඉල්ලීමක් කෙරේ.

ජෙලිෆිෂ් මත්ස්‍යයින් ශරීරයේ ස්පර්ශවීමෙන් පානදුර මුහුදු වෙරළේ දියනාමින් සිටි පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇත. තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් සිව්දෙනෙකුද සිටින බව වාර්තාවේ.

මොවුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

පානදුර මුහුදු වෙරළට කුඩා ප්‍රමාණයේ ජෙලිෆිෂ් 300කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගසා ඇති අතර, ඊයේ(26) නිවාඩු දිනයේ දියනාමින් සිටි පිරිස එම ජෙලි ස්පර්ශ වීමෙන් තුවාල ලබා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com