සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් මගින් රජයට මිලියන 719ක දැවැන්ත ආදායමක්

0
සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් මගින් රජයට මිලියන 719ක දැවැන්ත ආදායමක්

සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් මගින් රජයට මිලියන 719ක දැවැන්ත ආදායමක්

2025 ඔක්තෝබර් මස 03වන දින සිට 2026 ජූලි මස 27වන දින දක්වා කාලය තුළ සිදු කරන ලද සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු හරහා ශ්‍රී ලංකා රජයට විශාල විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබේ.

මෙම කාලසීමාව තුළ සමස්ත සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් 1,336ක් සාර්ථකවයි ක්‍රියාත්මක කර ඇත්තේ.

එමගින් උපයා ගත් මුළු ආදායම ඇමරිකානු ඩොලර් 2,301,975.00ක් වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 719,396,190.00ක දැවැන්ත මුදලක්.

මෙම සමස්ත විදේශ විනිමය ආදායම මේ වන විටත් රජයේ ඒකාබද්ධ අරමුදල වෙත බැර කර තිබේ.

2025 ඔක්තෝබර් මාසයේදී මෙහෙයුම් 01කින් ආරම්භ වූ මෙම කටයුතුයි 2026 වසර වන විට ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ.

විශේෂයෙන්ම 2026 වසරේ මාර්තු මාසයේදී ඉහළම මෙහෙයුම් ප්‍රමාණයක් (187ක්) වාර්තා වී ඇති අතර, වැඩිම ආදායමක් උපයා ඇත්තේ 2026 මැයි මාසයේදීයි. ඒ ඇ. ඩො. 342,100.00ක් ලෙසයි.

මෙම දත්ත හරහා සමුද්‍රීය ආරක්ෂක කටයුතුවල කාර්යක්ෂමතාව සහ එයින් ජාතික ආර්ථිකයට ලැබෙන සුවිශේෂී දායකත්වය මනාව තහවුරු වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com