රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය

0
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය

කහතුඩුවේදී ඉදිකරනු ලබන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළුව රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන අදියර – 1 මාර්ග කොටස ඉදිකිරීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2026 වර්ෂය තුළදී නිමකර අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර තිබේ.

2026 වර්ෂයේ අනුමත ප්‍රතිපාදන තුළ දේශීය අරමුදල්වලින් රුපියල් බිලියන 15ක පමණ ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com