අත්තනෝමතික ලෙස ක්‍රියාකරන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රංග දිසානායක
අත්තනෝමතික ලෙස ක්‍රියාකරන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා - රංග දිසානායක
තමන් අත්තනෝමතික ලෙස ක්‍රියාකරන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්, තමන් සිදුකරන්නේ පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද පනතින් තමන් වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම පමණක් බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා පවසයි.
අත්තනෝමතික ලෙස කටයුතු කරන බවට විවිධ පාර්ශ්ව මඟින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත විශාල බලතල සහිත එකක් බවත්, පාර්ලිමේන්තුව විසින් පනතක් මගින් බලතල පවරා ඇත්තේ ඒවා සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සඳහා බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නෙය.
කිසිඳු අවස්ථාවක එම පනතේ සලසා ඇති බලතලවලින් පිටත ගොස් කටයුතු නොකරන බවද ඔහු අවධාරණය කළා.
වැරදි සිදුකළ පසු විමර්ශන පැවැත්වීම සහ නඩු පැවරීම සම්බන්ධයෙන් සමාජයේ වැඩි අවධානයක් යොමු වුවද, වඩා වැදගත්ම දේ වන්නේ වැරදි සිදුවීමට පෙර ඒවායින් වැළකී සිටින සහ වැරදි නොකරන තැනට සමාජය ගොඩනැගීම බවත්, ඉදිරියට ගෙන යා යුත්තේ එම සිතුවිල්ල බවත් ඔහු පැවසීය.
එමෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 100%ක්ම ස්වාධීන ආයතනයක් බවත්, ඊට රජයේ කිසිදු බලපෑමක් හෝ සම්බන්ධයක් නොමැති බවත් සඳහන් කළ ඒ මහතා, ලැබෙන සියලුම පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් විමර්ශන පවත්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.




