ව්‍යාජ පොලිස් ඇමතුම් සහ මූල්‍ය වංචා පැමිණිලි කිරීමට හදිසි දුරකථන අංක

0
ව්‍යාජ පොලිස් ඇමතුම් සහ මූල්‍ය වංචා පැමිණිලි කිරීමට හදිසි දුරකථන අංක

ව්‍යාජ පොලිස් ඇමතුම් සහ මූල්‍ය වංචා පැමිණිලි කිරීමට හදිසි දුරකථන අංක

පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් සහ ඔවුන්ගේ ඡායාරූප භාවිත කරමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා පිළිබඳ පැමිණිලි කිරීමට පොලීසිය විසින් හදිසි දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

මෙසේ දැනුවත් කිරීම් සිදුකර තිබුණද, ජනතාව යළි යළිත් මෙවැනි වංචාවලට හසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පෙන්වා දෙයි.

මෙම වංචාකරුවන් පරිගණක හෝ ජංගම දුරකථන යොදාගනිමින් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප සහිත ව්‍යාජ වට්ස්ඇප් (WhatsApp) සහ ටෙලිග්‍රෑම් (Telegram) ගිණුම් සකසා මහජනතාව මුලා කරන බව අනාවරණය වී ඇත. කිසිදු විමර්ශනයක් සඳහා පොලීසිය මහජනතාවගෙන් මුදල් අය නොකරන අතර, මෙවැනි වංචනිකයන් පිළිබඳව වහාම දැනුම්දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

ඒ අනුව, මෙවැනි වංචාවන් පිළිබඳ පැමිණිලි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධීක්ෂණ නිලධාරීන්ගේ 071 859 2918 හෝ 071 859 1765 යන ජංගම දුරකථන අංකවලට මෙන්ම 011 2 300 756 යන ස්ථාවර දුරකථන අංකයට ලබාදිය හැකිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com